ලිංගික අතවර කළ භික්ෂුවට 21 වසරක සිර දඩුවමක්

Published in පුවත්
Wednesday, 16 July 2014 08:48

ලිංගික අතවර චෝදනාවලට වරදකරු වූ පරිවේනාධිපති භික්ෂුවකට වසර 21 ක සිර දඬුවමක් නියම කෙරේ.

එහෙත් එම සිර දඬුවම වසර 7 කදී ගෙවී යන ආකාරයට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සින්ගප්පුලි විසිනි.

දහතුන් හැවිරිදි සාමණේර හිමි නමකට ලිංගික අතවර කළ බවට පරිවේනාධිපති භික්ෂුව අධි චෝදනා තුනකට වරදකරු විය .

එක චෝදනාවකට වසර හත බැගින් බරපතළ වැඩ ඇතිව විසි එක් අවුරුදු සිරදඬුවමක් රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සින්ගප්පුලි මහතා විසින් නියම කෙරිණ.

එසේම වන්දි වශයෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් පැමිණිලි පාර්ශවයට ගෙවන ලෙසටද නියම කරන ලදී.

2003 මාර්තු මස 17 දින හෝ ඊට ආසන්න දිනයකදී කුරුවිට පැරඩයිස් පිරිවෙනේ දී මෙම ලිංගික අතවරය සහ අපයෝජනය කල බවට වරදකරු වුයේ එම පිරිවෙනේ පරිවේනාධිපති බලන්ගොඩ විජයනාග නමැති භික්ෂුවයි.

 


දීර්ඝ නඩු විභාගය:

2009 වසරේ අධි චෝදනා බාරදීමෙන් පසු දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකාර භික්ෂුව වරදකරු කරන ලදී.

අපයෝජනයට ලක්වූ පැමිණිලිකාර සාමණේර නම පසුව සිවුරු හැර තීන්දුව දෙන විට විසි හය වැනි වියේ පසුවූ තරුණයෙක් විය.

අධිකරණය එක් අධි චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් පැමිණිලි පාර්ශවයට ගෙවන ලෙසද විත්තිකාර භික්ෂුවට නියම කළේය.

වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගන්නා ලෙසත් දඩය ද නොගෙවන්නේ නම් එක් අධි චෝදනාවකට මාස අට බැගින් වසර දෙකක අනිවාර්ය සිර දඬුවමක් ද මහාධිකරණය විසින් විත්තිකාර භික්ෂුවට නියම කරන ලදී.

(බිබිසි)

පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ ප්‍රවෘත්තිවලට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us