කන්කසන්තුරේ දුම්රිය පොළ හමුදාව අත්පත්කර ගනී ! මඟීන් අතර මඟ

Published in පුවත්
Friday, 16 January 2015 13:25
ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී හිටපු ජනාධිපතිවරයා  කන්කසන්තුරේ දුම්රිය පොළ  මහත් උත්සවා කාරයෙන් විවෘත කළද මේ වන විට එම දුම්රිය පොළට මඟී ජනතාවට ඇතුළු වීම ආරක්ෂක අංශ මඟින් තහනම් කර තිබේ.
 
ඊට හේතුව වී ඇත්තේ එම දුම්රියපොළ අධි ආරක්ෂිත කලාපයක ඉදිකර තිබීමය. 
 
මේ හේතුවෙන් කන්කසන්තුරේ දක්වා ගමන් ගන්නා මඟීන්ට චුනානාකම් දුම්රිය ස්ථානයෙන්  බැසීමට සිදුව ඇත.  මඟීන්ගෙන් තොර දුම්රිය පමණක් කන්කස්න්තුරේ දුම්රිය පොළට ගමන් ගනී.
 
 කෙසේ නමුත් මෙම දුම්රිය ස්ථානය ඉදිකිරීමට පෙරම මෙම ඉඩම දුම්රිය දෙපාර්තමේන්තුවට නොපැවරීම සම්බන්ධයෙන් දුම්රිය සේවකයන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් විසින්ම විරෝධය පළ කර තිබිණි.
 
කෙසේ නමුත් මෙම ඉඩම පිහිටි කලාපය තව දුරටත් අධි ආරක්ෂිත කලපයක් ලෙසම පවත්වාගෙන යාමට සිදුව තිබෙන බව යුධ හමුදාව පවසයි. මේ ආසන්නයේ යුධ හමුදාවට අයත් වැදගත් ගොඩනැඟිලි 13ක්  ඉදිකර ඇති බවත් පැවැසේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us