පසුගිය කාලයේ දූෂණ වංචාවන්ට එරෙහිව සෘජුව ක්රියාකළ දේශපාලන පක්ෂ ක්රියාධරයන් කිහිප දෙනෙකු හා නීඥවරු කිහිප දෙනෙකු මෙම කමිටුවට අයත් වෙති. ඉදිරි දින කිහිපය තුලදී මෙම කමිටුව ප්රසිද්ධ කෙරෙන අතර දූෂණ වංචා තොරතුරු මහජනතාවගෙන් එක් රැස් කිරීම හා ඊට අදාල කටයුතු සිදු කෙරෙන ආකාරයද පැහැදිලි කිරීමක්ද සිදුවනු ඇත.
මෙම කමිටුවේ සාමාජිකයකු පවසා සිටියේ කිසිසේත්ම පසුගිය පාලන සමයේ වංචා, දූෂණ, අපරාධ කළ කිසිවකුට ගැලවී යාමට ඉඩ ලබා නොදෙන බවය.