මහින්දගේ මස්සිනා ළඟ තවත් හොර අලි සහ සුපිරි වාහන 3ක් Featured

Published in පුවත්
Friday, 16 January 2015 12:48
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරියගේ සැමියා වන දෙණියායේ තුසිත රනවක විසින් තවත් බලපත්‍ර රහිත තවත් වන අලි පැටවකු ළඟ තබා ගෙන සිටින බව අනාවරණය වේ.
 
පසුගිය 14 වන දින මෙම අලි පැටවා ඔහු විසින් ‍ගෙනවිත් ඇති අතර  ඊට අදාල නීත්‍යානූකූල බලපත්‍රයක් නොමැති නමුත් ඊට පෙර ඔහු එම දෙණියාය නිවසේ තබාගෙන සිටියදී මිය ගිය අලිපැටවකු වෙනුවෙන් ලබාගත්  බලපත්‍රය  මෙම අලි පැටවා වෙනුවෙන් බාවිතා කරමින් තිබෙන බව එම ප්‍රදේශවාසීන් පවසයි.
 
තුසිත රණවක සතුව තවත් අලි පැටවුන් තිදෙනකු මේ වන විට සිටී. මෙම අලි පටවුන්ද නීතිවිරෝධීව කැළයෙන් අල්ලා ගෙන දේශපාලන බලහත්කාරය මත  බලපත්‍ර ලබාගෙන ඇති අතර   මේවන විට එම අලිපැටවුන් තිදෙනා අලුත් නුවර දේවාලයට ලබා දී ඇති බවත් වාර්තාවේ.
 
එමෙන්ම මේ පවුලේ සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්න ලද දෙණියාය, බෙවරලිය, නාතගල විහාරහේන පාර, එනසල් වත්තේ තේ කර්මාන්ත ශාලාව අසල ඇති නාතගල පාරේ  සිංහරජ රක්ෂිතයට අයත් අක්කර 40 ක පමණ ඉඩමේ පිහිටි නිවස තුල පොළව යට පිහිට ඇති ගරාජයක සුපිරි මොටර් රඨ 3ක් සඟවා ඇති බවත් එම ප්‍රදේශවාසීන් පවසයි. මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස වගකිව යුත්තන්ට දන්වන ලෙසත් ඔවුන් ලංකා ඩේලී වෙත ප්‍රකාශ කර සිටියහ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us