රජයේ සුපිරි ජීප් රථයක් සඟවාගෙන ඉඳලා හසුවෙයි

Published in පුවත්
Friday, 16 January 2015 12:14
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට අයත් ගෙවත්තේ සඟවා තිබියදී මුන්දලම පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
 
මදුරන්කුලිය - කඩයාමට්ටේ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙම ජීප් රථය සඟවා තිබී ඇත.
 
ජීප් රථය සඟවා තබා ගෙන සිට ඇත්තේ පසුගිය වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුව සිටි අයෙකු විසිනි.
 
ඔහු පසුගිය පළාත් සභාවටද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ නමුත් පරාජයට පත් විය.
 
මෙම ජීප් රථය සම්බන්ධයෙන් වූ තොරතුරු ලැබීමෙන් පසුව මුන්දලම පොලීසියේ නිලධාරීන් 15 වැනිදා රාත්‍රීයේ එම නිවස සෝදිසි කිරීමට ගොස් ඇතත් ගේට්ටු විවෘත කර ගැනීමට නොහැකි වී ඇත.
 
පසුව නැවත වතාවක් 16 වැනිදා අළුයම 5.00 ට පමණ ගොස් ජීප් රථය සඟවා තිබූ ගෙවත්තේ ගේට්ටු විවෘත කරගෙන ගොස් ජීප් රථය සිය බාරයට ගෙන ඇත.
 
පසුගිය රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකු විසින් මෙම ජීප් රථය තමන්ට ලබා දුන් බව නිවස හිමි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පොලීසිය හමුවේ පවසා තිබේ.
 
මෙම ජීප් රථය පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කටයුතු සඳහා තමන් විසින් යොදා ගත් බව හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පොලීසිය හමුවේ පවසා ඇත. පොලීසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇත.
 
තමන් බාරයට ගෙන ඇති ජීප් රථය මේ වන විට මුන්දලම පොලීසියේ ගාල් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us