නව රජයක් වුවත් පරණ මුහුණමයි! මහින්දව Hague අධිකරණයට යැවිය යුතුය - MIA (video)

Published in පුවත්
Thursday, 15 January 2015 13:16
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, යුද අපරාධ පරීක්‍ෂණයකට ලක්කල යුතුය යන ස්ථාවරයේ තමා අඛණ්ඩව සිටින බව රැප් ගායිකා මායා අරුල්ප්‍රකාශම් ප්‍රකාශ කර ඇත. නව රජයක් පිහිටුවා ඇති පසුබිමේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලිය යුතු බව ඇය චැනල් 4 නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
 
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ කාලයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජ්‍ය ආරක්‍ෂක ලේකම් වශයෙන් කටයුතු කර ඇති අතර ඔහුද ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණය ප්‍රතික්ෂේප කර ඇත. එබැවින්, එම රජයද පෙර තිබූ රජයට සමාන බව ඇය ප්‍රකාශ කර ඇත.
 
මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයට දෙමළ ජනතාවගේ ඡන්ද වැඩි දායකත්වයක් ලබාදී ඇත. එබැවින්, නව රජය දෙමළ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සපුරාලිය යුතු බව මායා ඉල්ලීමක් කර ඇත. රාජපක්‍ෂ රජය සිදුකල දෙමළ ප්‍රදේශ හමුදාකරණය කිරීම ඇතුළු ඇතැම් කරුණු නව රජය ලිහිල් කිරීම තුලින් සංහිදියාවක් ඇති කිරීමට හැකි බව මායා ප්‍රකාශ කර ඇත. 
 
දෙමළ ජනතාවට එරෙහි යුද අපරාධ සිදුකල මහින්ද රාජපක්‍ෂව Hague අධිකරණයට යැවිය යුතුය යන ස්ථාවරයේ තමා අඛණ්ඩව සිටින බව මායා අරුල්ප්‍රකාශම් ප්‍රකාශ කර ඇත. 
 
 
(lankatnews)
 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us