ශ්‍රී ලංකාවේ යුද විනාශය හා සංහිඳියාව පාප් වහන්සේගේ අවධානයට

Published in පුවත්
Thursday, 15 January 2015 13:28

සමාව ඉල්ලා සිටින ලෙසත්, සමාව දෙන ලෙසත් ප්‍රැන්සිස් පාප් වහන්සේ තමන් ශ්‍රී ලංකාවේදී ප්‍රසිද්ධ දේව මෙහෙයක් පැවැත්වූ මුල්ම කතෝලික සිද්ධස්ථානය වන මරද මඩු මාතා දේවස්ථානයේදී ඉල්ලා සිටියහ.

දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටි කතෝලික සභාවේ ප්‍රධානියා යුද්ධයෙන් සිදුවූ විනාශය හා ආගමික ගැටුම් පිළිබඳවත් ශ්‍රී ලංකාවේ පවත්වන ලද දේශනා වලදී සිය අවධානය යොමු කළේය.

සමාව දීම ට මග පෑදෙන්නේ ' අපද කොටස්කරුවන් වී කරන ලද දුෂ්ට ක්‍රියා පිළිබඳ වටහා ගෙන, සැබෑ ලෙසම පසුතැවිලි වීමෙන්,' බව මන්නාරමේ මඩු පුදබිමට ජනවාරි 14 වැනිදා රැස්ව සිටි බහුතර දෙමළ ජනතාව ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනකාය අමතමින් පාප් වහන්සේ කියා සිටියහ. 'ශ්‍රී ලංකාවේ හදවත දෙපලු කළ,' දීර්ඝ කාලීන යුද්ධයෙන් මහත් සේ පීඩා විඳි පවුල් මඩු දේවස්ථාන භූමියට රැස්ව සිටින බවත් පාප් වහන්සේ විසින් සිහිපත් කරන ලදී. යුද්ධයෙන් අත්පා අහිමි වූ දෙමළ බැතිමතුන් විශාල පිරිසක්ද මඩු භුමියේ සිටිනු දකින්නට ලැබුණි.

සත්‍යය සොයා ගැනීම

අයුක්තිය, සතුරුකම් සහ අවිශ්වාසය, යුද්ධය විසින් බිහි කරණ ලද 'කටුක උරුමයක්' සේ හැඳින්වූ ප්‍රැන්සිස් පියතුමා එය පිටුදැකීම අසීරු කාරියක් බව ශ්‍රී ලංකාවාසීන් අමතා කළ පළමු දේශනයේදීම ප්‍රකාශ කොට සිටියේය. දිවයිනට ගොඩබට ජනවාරි 13 දා කටුනායක ගුවන් තොටුපලේදී උන්වහන්සේ කියා සිටියේ, ඒ සඳහා 'සංහිඳියාව, සහයෝගිතාව හා සාමය,' උපයෝගී කර ගත යුතු බවයි. 'සත්‍යය සොයා යාමද' සුවපත් කිරීමේ ක්‍රියාදාමයට ඇතුළත් කර ගත යුතු යැයි පැවසූ උන්වහන්සේ එය අනිවාර්යයෙන්ම යොදා ගත යුත්තේ 'යුක්තිය, සහනය සහ සමගිය' ලබා ගැනීමේ මාර්ගයක් ලෙසින් මිස 'පැරණි තුවාල පෑරීම' සඳහා නොවන බව පැවසුහ.

මඩු දේව මෙහෙය සඳහා මන්නාරම බලා යාමට පෙර අගනුවර ගාලු මුවදොර පිටියට රැස්වූ දශලක්ෂයක් පමණ ජනකායකගේ අවධානය පාප් වහන්සේ විසින් රටේ ආගමික ප්‍රචණ්ඩත්වය පිළිබඳවද යොමු කරන ලදී. උන්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඉටු කළ ප්‍රධාන ආගමික කාරිය වූයේ දාහත් වැනි සියවසේදී ලංකාවට පැමිණ ලන්දේසීන්ගේ අඩන්තේට්ටම් මධ්‍යයේ සිංහල දෙමළ දෙබසින්ද කතෝලික ධර්ම ප්‍රචාරයේ යෙදුනු ජුසේ වාස් මුනි තුමා ශාන්තුවරයට ඔසවා තැබීම ය.

ආගම ප්‍රචාරය කිරීම වෙනුවෙන් ගාලු මුවදොර දේව මෙහෙයේදී පෙනී සිටිමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්නේ එය මූලික මානව හිමිකමක් බවයි. බිය වැද්දීමකින් හෝ බාහිර බලපෑමකින් තොරව ඇදහිල්ලක් වෙනුවෙන් එළිපිට පෙනී හිඳීමට සැමට නිදහස තිබිය යුතු බව උන්වහන්සේ එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මහින්ද රාජපක්ෂ

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සර්වාගමික සමුළුවකටද පාප් වහන්සේ ජනවාරි 13 වැනිදා සහභාගි වූහ. යුද්ධයෙන් සිදුවූ හානිය එහිදීද සිහිපත් කළ උන්වහන්සේ, ගැටුම් සහ බේද රටට තවත් අවශ්‍ය නැතැයි කීහ. අන්තර් ආගමික සහයෝගිතාව දිවයිනේ රඳා පවතිනු ඇතැයි විශ්වාසය පල කරමින් බෞද්ධ, හින්දු හා ඉස්ලාමීය ආගමික නායකයන්ද ඇතුළත් සමුලුව හමුවේ උන්වහන්සේ කියා සිටියේ 'තම සහෝදර සහෝදරියන් හා සමාදානයෙන් ජීවත් වීමට කිසිම ගැහැනියක හෝ පිරිමියකු සිය වාර්ගික හෝ ආගමික අනන්‍යතාව අත් හැරිය යුතු නැති,' බවයි.

සමුළුවේදී කරන ලද ආරාධනයක් පරිදි සිය නිල වැඩ සටහනේ වෙනසක් කරමින් පාප් වහන්සේ කොළඹ පිහිටි බෞද්ධ විහාරස්ථානයකටද වැඩම කොට තිබේ.

මීට විසි වසරකට ඉහතදී ජුවාම් පාවුළු පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේ ඔහු හමුවීම වර්ජනය කළහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පාප් වහන්සේ බැහැ දුටු බව වතිකානය නිවේදනය කරයි.

© JDS

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us