විදෙස් සේවයේ, රාජපක්ෂ ඥාතී හිත්වතුන් ආපසු කැඳවයි

Published in පුවත්
Wednesday, 14 January 2015 08:40

ශ්‍රී ලංකා විදේශ සේවය මුළුමනින්ම සුද්ධ කරමින් රාජපක්ෂ පවුලේ ඥාතීන් හා හිත්වතුන් වූ හිටපු දේශපාලනඥයන් 10 දෙනකු සහ ඔවුන්ගේ ඥතීන් විසිදෙනකු ආපසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

නව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ දැඩි අවධානය මෙම දේශපාලන පත්වීම් කෙරෙහි ලක්‌වී තිබේ.

මෙලෙස දේශපාලන පත්වීම් ලැබූවන් කොටි ඩයස්‌පෝරාව ගැන හෝ විදේශ රටවල් සමඟ එක්‌ව ක්‍රියා කරන්නේ කෙසේද යයි නොදන්නා බව ද හෙළි වී ඇත.

'බොහෝ දෙනා මේ තානාපති ධුර ගත්තේ නිවාඩුවක්‌ ගතකිරීමටයි. විදේශ රටවල සිටින අපේ ශ්‍රී ලාංකිකයන් ගැනවත් තැකීමක්‌ කර නැහැ යෑයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. 'හිටපු දේශපාලනඥයන්ගේ බිරියන්ද, සොහොයුරන්ද, දූ පුතුන් ද අපේ තානාපති කාර්යාලවලට පත්කර තිබුණා. ඔවුන්ගෙන් කිසිදු වැඩක්‌ වී නැහැ. ඡායාරූප ශිල්පියකුගේ පුතෙක්‌ ද උසස්‌ තනතුරකට පත්කර තිබුණා' යැයි එකී ආරංචි මාර්ග කීවේය.

එමෙන්ම පසුගියදා විදෙශ අමාත්‍යංශයේ වැඩ තහනමකට ලක්ව සිටින් නිළධාරීන් සිව් දෙනෙකුව ඊයේ දිනයේදීම නැවත සේවයට කැඳවීමටද මංගල සමරවීර මහතා කටයුතු කළේය.

පැවැති රාජපක්ෂ පලනය විවෙචනය කිරීම ඔහුන්ට එල්ලා වී තිබු චෝදනාව වූ අතර එක් අයකුට එල්ල වූ චෝදනාව වූයේ මහින්ද රාජපක්ෂට එරෙහිව වස් කවී කීමය.

සමරවීර මහතා විදේශ අමාත්‍යාංශයේ වැඩ බාරගත්තේ ඊයේ උදැසනය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us