ජුසේවාස්‌ පියතුමා සාන්තුවරයට එසවීමේ දේව මෙහෙය අද

Published in පුවත්
Wednesday, 14 January 2015 08:27

ජුසේවාස්‌ පියතුමා සාන්තුවරයට එසවීමේ ඓතිහාසික දේව මෙහෙය අද (14 දා) පෙරවරු 8.30 ට ගාලු මුවදොර පිටියේදී අති උතුම් ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ විසින් පවත්වනු ලැබේ.

ගාලු මුවදොර පිටියේ ඉදිකර ඇති අති දර්ශනීය වේදිකාවේදී මෙම දේව මෙහෙය පැවැත්වේ.

දේව මෙහෙයට පෙර පෙරවරු 7.45 ට පාප් වහන්සේ ගාලු මුවදොර පිටියට සැපත් වේ. ඉන්පසු විවෘත රථයක නැග ගාලු මුවදොර පිටිය වටා සැදැහැවතුන් අතරින් ගමන් කරන ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ අතට කොළඹ නගරාධිපතිවරයා විසින් අගනුවර යතුරු සංකේතාත්මකව පිරිනමයි. ඉන්පසු පෙරවරු 8.30 ට දේව මෙහෙය ආරම්භ වේ.

දේව මෙහෙයේදී වියානි ප්‍රනාන්දු රදගුරු හිමියන් විසින් භාග්‍යවන්ත ජුසේවාස්‌ මුනිඳුන් සාන්තුවරයට එසවීමේ පිළිවෙත සඳහා අවසරය ඉල්ලා සිටි පසුව ගෝව අගරදගුරු හිමියන් විසින් ජුසේවාස්‌ හිමිපාණන්ගේ කෙටි චරිතාපදානයක්‌ ඉදිරිපත් කරනු ලබයි.

දේව මෙහෙය පෙරවරු 10.45 ට පමණ අවසන් වූ පසුව පෙරවරු 11.50 ට උන්වහන්සේ ගුවන් හමුදා හෙළිකොප්ටරයකින් මඩු සිද්ධස්‌ථානය වෙත පිටත් වේ. මඩු දේවස්‌ථානයේදී ජන වන්දනා මෙහෙයක්‌ පවත්වන අතර ඊට පෙර පාප් වහන්සේ විවෘත රියක නැග සැදැහැවතුන් අතරින් ගමන් කරනු ලබයි. සවස 6.00 ට පාප් වහන්සේ යළි කොළඹට පැමිණේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us