රාජපක්ෂලා පාවිච්චි කළ සැප වාහන රැසක්‌ අතුරුදන්!

Published in පුවත්
Wednesday, 14 January 2015 08:24

ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ ජනාධිපති ආරක්‍ෂක අංශය භාරයේ තිබූ රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක්‌ අස්‌ථානගත වී ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක්‌ මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම වාහන අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ඇතැම් පුද්ගලයන් මෙම වාහන කොළඹින් බැහැර ප්‍රදේශවලට රැගෙන ගොස්‌ සඟවාගෙන සිටින බව ද වාර්තා වෙයි. සමහර වාහන පිට පළාත්වලට ගෙන ගොස්‌ ඒවායේ අමතර කොටස්‌ ගලවා අලෙවි කිරීමට උත්සාහ කරන බවට ද තොරතුරු ලැබී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ආරක්‍ෂක අංශය සතුව තිබූ වාහන විශාල ප්‍රමාණයක්‌ අස්‌ථානගත වී ඇති බවට ජනාධිපති ලේකම්වරයා පොලිස්‌ මූලස්‌ථානය වෙත ඊයේ (13 දා) පැමිණිල්ලක්‌ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම වාහන සොයාගැනීම පිළිබඳව දැඩි අවධානය යොමුකර ඇති අතර ඒවා සොයාගැනීම කඩිනම් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ද උපදෙස්‌ ලබාදුන් බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියකු කියා සිටියේ ජනාධිපති මන්දිරය, ලේකම් කාර්යාලය සහ ජනාධිපති ආරක්‍ෂක අංශය පරිහරණය කළ වාහන ප්‍රමාණය කොතෙක්‌දැයි සංගණනයක්‌ කරගෙන යන බවයි.

ආරංචි මාර්ග කියා සිටියේ මෙම වාහන සඳහා දිනකට රුපියල් ලක්‍ෂ 25-30 ක පමණ ඉන්ධන පාවිච්චි කර ඇති බවයි.

ජනාධිපති මන්දිරයට ලේකම් කාර්යාලයට සහ ජනාධිපති ආරක්‍ෂක අංශයට සම්බන්ධව සිටි ඇතැම් නිලධාරීන් තම නිවසට පත්තරය ගෙන යැමට, බල්ලන්ට කෑම දීමට, දිවා ආහාරය ගෙන්නවා ගැනීම ඇතුළු නොයෙකුත් පෞද්ගලික කටයුතු සඳහා මෙම වාහන දෛනිකව ප්‍රයෝජනයට ගෙන ඇති බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ වැඩි දවසක්‌ ගතවීමට පෙර මෙසේ රැගෙන ගොස්‌ තිබෙන වාහන සියල්ල ආපසු ලබාගැනීමට කටයුතු කරන බවයි.

සඟවාගෙන සිටින වාහන වහාම ආපසු භාරදීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

එසේ නොකළහොත් ඒවා සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදීමට පසුබට නොවන බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.

 

 

divaina

Last modified on Wednesday, 14 January 2015 08:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us