ත්‍රීවිල් සහ යතුරුපැදි සඳහා ද අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලේය.
කොළඹින් පිටවන වාහන වත්තල, කඳාන, ජා ඇල සහ සීදුව ප්‍රදේශ වලට පමණක් ගමන් කරන්නේ නම් මීගමුව පාරේ සාමාන්‍ය මාර්ගය භාවිතා කළ හැකිය. එහෙත් මීගමුව සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ගමන් ගන්නා සියලූ වාහන වලට අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.
අද සවස හයේ සිට සාමාන්‍ය රථ වාහන සඳහා අධිවේගී මාර්ගය විවෘත වේ. එහිදී උපරිම වේග සීමාව පැයට කිලෝමීටර 70 කට සීමාවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කලේය.