'සියත' කාරියප්පෙරුම සොහොයුරන් සළුපිලි හැරදා මෛත්‍රී ළඟට යයි

Published in පුවත්
Monday, 12 January 2015 14:25

සියත මාධ්‍ය ජාලයේ හිමිකරුවන් වන ප්‍රියන්ත කාරියප්පෙරුම හා රොෂාන් කාරියප්පෙරුම මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිධුරයත් ලංකා බැංකුවේ සභාපතිධුරයත් හා තවත් ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රොෂාන් කාරියප්පෙරුම ප්‍රවීණ නිළි සංගීතා වීරරත්නගේ සැමියාවේ.


මහින්ද රාජපක්ෂ බලයට පත්වූ පසුව පසුව විදුලි සංදේශ කොමිසමේ සභාපතිධුරය ප්‍රියන්ත කාරියප්පෙරුමට හිමිවූ අතර ගුවන් විදුලි හා රූපවාහිනී බලපත්‍ර ද හිමිවිය. පුවත්පත් ආයතනයක්ද ඔවුන් විසින් ආරම්බ කලේය.මෙම මාධ්‍ය ආයතන පවත්වාගෙන ගියේ රජයේ දැන්වීම් මඟිනි.

එහෙත් පසුව 2010 ජනාධිපතිවරනයේදී සරත් ෆොන්සේකා මහතාට සහය දීම නිසා රාජපක්ෂවරුන්ගේ තර්ජනයට ගර්ජනයට ගොදුරුවූ නමුත් පසුව රාජපක්ෂවරුන් හා මිතුරුවිය. අනතුරුව සුපුරුදු ලෙස සියත මාධ්‍ය ආයතනය දිගින් දිගටම රාජපක්ෂවරු වෙනුවෙන් සිය මාධ්‍ය හැසිරවීය.

ඒ අනුව මෙවර රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ 'මඩ'ගැසීමේ facebook ව්‍යාපෘතියට වැඩි දායකත්වයක් ලබා දෙන ලද්දේ මේ දෙසොහොයුරන් විසිනි. විපක්ෂයේ දේශපාලකයන් ඉලක්ක කරගෙන පවත්වාගෙන ගිය මඩ වෙබ් අඩවියක් වූ 119 gossip මෙම සොහොයුරන්ගේ නිර්මාණයකි.

එමෙන්ම සියත ආයතනයේ ප්‍රධානියකු වූ දිසානායක නැමැත්තා තවත් මඩ වෙබ් අඩවියක් කිහිපයක්ම පවත්වාගෙන යමින් මීට සෘජුවම සම්බන්ධ වූ අතර ඔහු පසුගිය කාලයේ එජාපය හා සම්බන්ධකම් පැවැත්වූවෙකි.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්බ වූ වහාම ඔහු බැසිල් රාජපක්ෂ හා එම ජනාධිපතිවරණ මෙහෙයුම් කමි‍ටු ප්‍රධානියා වූ සිරිපාල අමරසිංහ මුණගැසී එජාපයේ මැතිවරණ මෙහෙයුම් විස්තර හා ඊට සම්බන්ධ පුද්ගලයන් (මෙම පුද්ගලයන් ඔහුගේ පෞද්ගලික මිතුරන්ය) හෙළිදරව් කිරීමට තරම් නින්දිත තත්වයකට පත්ව තිබිණී. මෙම හේතුව නිසා එම පුද්ගලයන්ට ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සැඟවී කටයුතු කරන්නට පවා සිදුවිය.

Last modified on Monday, 12 January 2015 15:17

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us