ඊයේ(11) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති නිතීඥ උපුල් ජයසුරිය මහතා මෙම අදහස් පළ කළේය.
මෙහිදි අදහස් දැක්වූ උපුල් ජයසුරිය මහතා සඳහන් කළේ ශිරාණි බණාඩාරනායක මහත්මිය යළි අගවිනිසුරුවරිය ලෙස පත් කිරීමට ශ්‍රී ලංකං නිතිඥ සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තිරණය කර ඇති බවයි.
එතුමිය ධුරයෙන් පහ කිරීම සම්පුර්ණයෙන්ම නිතී විරෝධි බව ද සභාපති වරයා මෙහිදි සඳහන් කර තිබේ.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යළි එම ධුරයේ පිහිටු වීම විශේෂ මහා සභාවේද අදහස වූ බව ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා සඳහන් කර සිටියේය. එමෙන්ම එතුමිය ධුරයෙන් පහ කිරිම සම්බන්ධයෙන් තම සංගමය විශේෂ මහා සභාවක් කැඳවා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව තිරණය කළ බව ද ඔහු සඳහන් කළේය.
ඡායාරූප- නිශාන්ත ප්‍රියදර්ශන
වීඩියෝ