ආණ්ඩුව, රාජ්‍ය මාධ්‍ය සම්බන්ධ අතීත සම්ප්‍රදාය වෙනස් කළ යුතුයි

Published in පුවත්
Monday, 12 January 2015 09:36

ජීවිත තර්ජන නිසා රටින් බැහැර වූ මාධ්‍යවේදීන්ට යළි සියරට පැමිණෙන මෙන් නව ආණ්ඩුව කරන ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය(JDS) පැරණි පාලනයෙන් නව පාලනයට එකතු වී සිටින කලින් රාජ්‍ය මාධ්‍ය දඩයමට වගකිව යුතු දේශපාලනඥයන් තමන් එම අතීත සම්ප්‍රධායයෙන් කැඩී ඇති බව පළමුව පෙන්නුම් කළ යුතුව ඇතැයි කියා සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු රෝහිත භාෂණ අබේගුණවර්ධන බීබීසී සංදේශය සමග පවත්වන ලද සාකච්ඡාවක දී කියා සිටියේ නව පාලනය අඳුරු අතීත සම්ප්‍රදායෙන් කැඩී වෙන් වී ඇත්නම් ඔවුන් විසින් රාජ්‍ය මාධ්‍ය භාවිතා කරනු ලබන ආකාරය තුලින් ඒ බව පෙන්නුම් කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුල දරුණුතම භීෂණ මාධ්‍ය මර්දනය සිදු කෙරුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය යටතේ බව රෝහිත භාෂණ අබේගුණවර්ධන සිහිපත් කරයි.

එම පාලනය යටතේ මාධ්‍යවේදීන්ගෙන් කොටසක් ජීවිතාරක්ෂාව පතා විදේශගත වූ අතර තවත් කොටසකට සිදු වුනේ මතභේදයට ලක් විය හැකි වාර්තාකරණයේ නිරත වීමෙන් තොරව නිහඬ වීම බවත් ඔහු පවසයි.

නව මාධ්‍ය පිළිවෙත

නව පාලනය විසින් ජීවිතාරක්ෂාව පතා විදේශගත මාධ්‍යවේදීන්ට ආපසු පැමිණෙන ලෙස කරන විවෘත ඉල්ලීම වැදගත් පියවරක් වන බව සඳහන් කළ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු රෝහිත භාෂණ අබේගුණවර්ධන මෙහිදී නව ආණ්ඩුව සිය ඉල්ලීමේ අවංක භාවය සහතික කිරීම සඳහා ගත යුතු කාර්යභාරයක් ඇති බව පෙන්වා දුන්නේය.

පසුගිය ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ගනු ලබන ක්‍රියා මාර්ගයක් ගැන අවධානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානය කියා සිටියි.


(බිබිසි සංදේශය)

Last modified on Monday, 12 January 2015 09:39

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us