වංචා දූෂණ තොරතුරු අපිට දෙන්න. දඩුවම් දීමට නියමිතයි

Published in පුවත්
Sunday, 11 January 2015 13:45

විවිධ ව්‍යාපෘතිවලින් පසුගිය රජය සිදුකළ වංචා හා දුෂණ පිළිබඳ තොරතුරු තමන් වෙත ලබා දෙන්නැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. පිටකෝට්ටේ ප‍්‍රදේශයේ අද (11) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලි චම්පික රණවක මහතා මේ බව කියා සිටියේය.


'මහා පරිමාණ ව්‍යාපෘතිවලින්, ඒ වගේම ගම් මට්ටමේ බිම් මට්ටමේ ව්‍යාපෘතිවලින් සිදු වූ දූෂණය වංචාව යනාදිය පිළිබඳව අපි බලාපොරොත්තු වනවා තොරතුරු එකතු කිරීමක් කරන්න. ජනතාවට පුළුවන් ඒ පිළිබඳ අපව විශ්වාස කරන්න. එම තොරතුරු එකතු කිරීමෙන් පසුව අපි අනිවාර්යයෙන්ම නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ග බවට අනාගතයේදී පත්වෙන දූෂණ විරෝධී කොමිසම හරහා කි‍්‍රයාත්මක වනවා. ඒ වගේම මේවා ජනතාවට දැනගැනීමට සලස්වනවා.

ඒ අනුව අපි රටේ සමස්ත ජනතාවගෙන්, රාජ්‍ය සේවකයන්ගෙන්, සියලූම ක්ෂේත‍්‍රවල සිටින ප‍්‍රවීණයන්ගෙන්, විශේෂයෙන්ම තාක්ෂණික ඇගයීම් කමිටුවල හිටපු විශේෂඥයින්ගෙන්, මූල්‍ය විගණකවරුන් ඇතුළු මෙම තොරතුරු දන්න සියලූ දෙනාගෙන්ම අපි ඉල්ලා සිටිනවා රට තුළ පසුගිය වසර 10ක කාලය තුළ සිදු කරන ලද සියලූම මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔබ දන්නා අක‍්‍රමිකතා, තොරතුරු බිය නැතිව අප වෙත වාර්තා කරන්න.'

 

 

nethfm

Last modified on Sunday, 11 January 2015 13:53

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us