යෝශිතගේ, 'සිංහ FM' මාධ්‍යවේදීන්ට මරණ තර්ජන. !

Published in පුවත්
Sunday, 11 January 2015 14:07

යෝශිත රාජපක්ෂ මහතාට අයත් 'සිංහ එෆ් එම්' මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්ට පෙර්දා සිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය මෙහෙයුම් කමි‍ටුවේ කටයුතු කළා යැයි කියන පුද්ගලයකු විසින් දුරකතන ඇමැතුම් ලබාදෙමින් මරණිය තර්ජන එල්ල කරමින් සිටින බව වාර්තාවේ.

මෙම පුද්ගලයා 'චතුර' නමින් හැඳිවෙන්නකු බව හෙළි වී ඇති අතර මීට පෙර 'නෙත් එෆ් එම්' හා 'රන් එෆ් එම්' මාධ්‍ය ආයතනවල සේවය කළ අයකු වන අතර අයථා පැවැතුම් නිසා ආයතන වලින් නෙරපනු ලැබූවෙකුද වන බව එම මාධ්‍යවේදීන් විසින් හෙළිකර ගැනීමට සමත්ව ඇත.

කෙසේ නමුත් පසුගිය දින කිහිපයේදී දුරකතන ඇමැතුම් ලබා දෙමින් එම මාධ්‍යවේදිනියන් දූෂණය කර මරා දමන බවත් ආයතන ගිනි තියන බවත් මෙහි සාමාන්‍ය අධිකාරීවරයා වන ප්‍රවී මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් මහතාට පහර දී බල්ලෙකු මෙන් පාර දිගේ ඇදගෙන යන බවත් ආදී ලෙස ඉතා අසභ්‍ය භාෂාවෙන් පවසා ඇත.

මෛත්‍රීපාලගෙන් තවම ඔඩර් එක ලැබුණේ නෑ ..එක ලැබුණු ගමන් තොපිව මර දමන බවත් පවසා ඇති අතර ඊයේ දිනයේදී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එහි අධ්‍යක්ෂ ජනරාල ආරියරත්න ඇතුගල මහතාට පහර දීම සිදුකලේද තමන් ඇතුළු කණඩායමක් බවත් පවසා ඇත.

මෙම පුද්ගලයා විසින් පැවැසූ සියල්ල සිංහ එෆ් එම් ආයතනයේ මාධ්‍යවේදීන් විසින් පටිගත කරගෙන ද ඇත.මේවන විට එම ආයතනයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කිරීමටද බලාපොරොත්තුවන බව එම ආයතනයේ ජෙෂ්ඨ මාධ්‍යවේදියකු පැවැසූවේය.

කෙසේ නමුත් මේ පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ කෙනෙකු වන අතර එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු බවද පැවැසේ. ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපය තුලදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකයටද ආව ගිය බව හෙළිව තිබේ.

Last modified on Sunday, 11 January 2015 14:08

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us