රාජපක්ෂට තවත් පරාජයක් ! නීතිය බල්ලට දමන්න ගත් උත්සහය වරදී

Published in පුවත්
Wednesday, 07 January 2015 19:41

ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කඩුවෙල දිසා අධිකරණයට අද ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කෙරුණු බව ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා මහතා පැවසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද (07දා) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙම මෝසම ජාතික රූපවාහිනියට සම්බන්ධ නීතිඥයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ බවයි.

තමන් ඇතුළු නීතිඥයන් පිරිසක් ඉකුත් ජනවාරි 05 වැනිදා කඩුවෙල දිසා අධිකරණයෙන් ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීම මැතිවරණ නීති උල්ලංඝනය වන බව කරුණු පෙන්වා ලබාගත් වාරණ නියෝගය ජනවාරි 05 දින සිට ජනවාරි 19 දින දක්වා බලපැවැත්වෙන බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ස්වර්ණවාහිනී යන මාධ්‍ය අයතන කොළඹ සිවිල් අභියාචනා අධිකරණයට අද (07දා) දහවල් ඉදිරිපත් කළ අභියාචනයද නිශ්ප්‍රභ කෙරුණු බව ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසී

 

සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා, සුරේන් ප්‍රනාන්දු හා නලීන් අමරජීව මහත්වරුන් ඇපැල් උසාවියට කරුණු දක්වමින් මූලික විරෝධතාවයක් ගොනු කළහ.


ඔවුන් කියා සිටියේ වගඋත්තරකරුවන් මුලින්ම දිස්ත්‍රික් උසාවියට සිය ඇපෑල ඉදිරිපත් කළ යුතුව තිබූ බවයි.


කඩුවෙල දිසා අධිකරණයේ වාරණ තීන්දුව ඉදිරිපත් කිරීමට ද ඔවුන් අපොහොසත් වී ඇතැයි ද ඔවුහු කීහ.


වැඩිදුර විභාගය ජයවාරි 12 වැනි දාට කල් තැබිණි.

Last modified on Wednesday, 07 January 2015 19:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us