සිරිපාල කිපේ. මිනිස්සු මරණ එක වැඩක් නෙවෙයි ලු !

Published in පුවත්
Wednesday, 07 January 2015 19:31

දැව සංස්ථාවේ සභාපති සිරිපාල අමරසිංහ විසින් අද (07) එම සංස්ථාවේ ජාතික සේවක සංගම් සභාපතිවරයාට ගිනි අවි පෙන්වා මරණ තර්ඡන එල්ල කර තිබේ.

අද දැව සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී එහි සියලුම සේවකයන් කැඳවා මහින්ද රාජපක්ෂ මහතාට සිය ඡන්දය ලබා දෙන ලෙස සිරිපාල අමරසිංහ මහතා විසින් පවසා ඇත.

එම සාකච්ඡාවට ජාතික සේවක සංගමයේ සභාපති පව්මි නැමැත්තාද සහභාගී වී ඇති අතර සාකච්ඡාවෙන් පසු සිරිපාල අමරසිංහ මහතා ඔහුට තර්ජනය කරමින් පවසා ඇත්තේ "තෝ දැනගනින් මම කවුද කියාලා, මට මිනිස්සු මරණ එක වැඩක් නෙවෙයි. පිස්ටල්එකෙන් තොට තියන්න කලින් බැහැල පළයන්" යනුවෙනි. මෙම තර්ජනය සිදු කරන අවස්ථාවේ සිරිපාල අමරසිංහ සමග ඔහුගේ රියදුරුද පැමිණ තිබේ.

අරලියගහ මැදුරේ ඇති ජනාධිපතිවරණ මෙහෙයුම් කමි‍ටුව භාර ව සිටින නිළධාරියාද මොහුය.

මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියේ CIB ii26/84 අංකය යටතේ පැමිණිල්ලක්ද ගොනු කර තිබේ.

Last modified on Wednesday, 07 January 2015 19:39

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us