සෞඛ්‍යයට ලැබුණු මිලියන 2200 හොරකම් කළේ රාජපක්ෂද සිරිපාලද ? (හෙළිදරව්ව)

Published in පුවත්
Monday, 05 January 2015 11:42

වසර 2006 දී සෞඛ්‍ය අමාත්‍යාංශයට ස්විස්ටර්ලන්තයේ ග්ලොබ්ල් ෆන්ඩ් ආයතනයෙන් මෙරට HIV/AIDS මර්දනය හා පාලන කටයුතු සඳහා ලැබුණ ඇමරිකන් ඩොලර් මිලියන 20 ක් සෞඛ්‍ය අමාතයාංශයෙන් අතුරුදහන් වී ඇති බව හෙළිවේ.

නිමල් සිරිපාද සිලවා මහතා සෞඛ්‍ය ඇමැතිව සිටියදී මෙම ආධාර මුදල මෙරරට ලැබී තිබේ. ස්විස්ටර්ලන්තයේ ග්ලොබ්ල් ෆන්ඩ් ඒඩ්ස් නිවාරණ වැඩපිළිවෙල යටතේ මෙලෙස ආධාර බෙදාදීම සිදු කරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් 2003, 4, 5 වසර වලදී පස් වතාවක ම මේ ලබා ගැනීමට උත්සහකල ද ඒ සාර්ථක කරගත නොහැකි විය. පසුව මේ සම්බන්ධ විශේෂඥ උපදේශක සේවා සපයන ආයතනයක් වූ 'ලංකා හෙල්ත් ඔන්ලයින් සමාගම' මැදිහත් වී ඒ සාර්ථකව ඉ‍ටුකර දෙන ලදී. මේ වෙනුවෙන් සියයට 3ක කොමිස් මුදලක් (මිලියන 66) ඔවුන්ගේ ගාස්තුව ලෙස ගෙවිය යුතු බවට දෙපාර්ශ්වයේ එකඟතාවයටකද පැමිණ තිබේ.

එහෙත් අද දක්වා ගිවිසුම් ප්‍රකාරව මේ මුදල හෝ ලබා දීමට එවකට සෞඛ්‍ය ඇමැතිවරයා වූ නිමල් සිරිපාලද සිල්වා මහතා කටයුතු නොකළේය.

මෙම සමාගමට කර තිබු එකම ගෙවීම වූයේ මූලික ලියකියවිලි සැකසීම සඳහා රුපියල් 119,320 ලබා දිම පමණි. එහෙත් ඒ පවා එම සමාගමට ලැබුණේ 124,320ක් ඉල්ලා සිටියදීය.

නමුදු අනෙක් සතයක්වත් මේ දක්වා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර නැත..

ඒ කෙසේ නමුත් මෙලෙස ලබා ගත් මිලියන 2200 ට සිදු දෙයක්ද දැන ගැනීමට නැත. ආධාර මුදල් ලබ ගත් වයාපෘතිය ක්‍රියාත්මක වූයේ නැති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ මිලියන 1500ක් පමණ වැය කර මේ ව්‍යාපෘතිය හා සමාන වැඩසටහන් කිහිපයක් පමණ පවත්වා තිබිණි.

එමෙන්ම මෙහි ඇති අනෙක් බරපතලම කරුණ වන්නේ මෙම මුදල්, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අතුරුදහන්ව ඇති බවත් ඒ උපදෙශක සේවා සැපවූවන්ගේ මුදල් නොගෙවූ බවත් බවත් රජපක්ෂ පවුල හොඳින් දැන සිටීමය.

මේ සම්බන්ධයෙන් පූර්ණ හෙළි කිරීමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ , කතානායක චමල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිහිපදෙනෙකුටද මෙම සමාගම විසින් සිදුකර තිබේ. එහෙත් මේ කිසිදු රාජපක්ෂවරයකු මේ සම්බන්ධයෙන් සොයා බලන බවට හෝ පිළිතුරු ලිපියක් හෝ යවා නැත.

මෙහිදී පැන නඟින ගැටලුව නම් මෙම මුදල නිමල් සිරිපාල විසින් සොරකම් කළේ නම් ඒ ගැන සියළු තොරතුරු දැනගෙන රාජපක්ෂලා නිහඬව සිටිමය. එහෙමත් නොවීනම් මේ මුදල රාජපක්ෂලා විසින් හොරකම් කිරීම නිසා නිමල් සිරිපාලට උපදේශක කණ්ඩායමට ගෙවීමටවත් මෙම මුදල අමාත්‍යංශයේ ගිණුමට නොලැබීමය. එසේත් නොමැතිනම් මේ දෙපාර්ශ්වය එකතුව මේ මුදල කොල්ල කෑම සිදු කර තිබේ.

මේ මොහොතේ ජනාධිපතිවරයාට වැරදිමකින් කියැවුනු 'තමන් සතුව ෆයිල් තිබෙනවා' යැයි කියන කතාවද මතකයට එයි. එසේම රාජපක්ෂලා කිසිදු ඇමැතිවරයකුට රුපියලක්වත් හම්බුකර ගන්න ඉඩ නොදි සියල්ල ඔවුන් විසින් හූරාගෙන කෑ වගට ඇමැතිවරුන් කරන චෝදනාවද මතකයට එයි.

මේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාටද කිසිවක් කිරීමට හැකිවී නැත. ඔහුට වඩා බලවත් හස්තයක් අමාත්‍යංශය පාලනය කිරීම මීට හේතු විය.


-- මේ ගනුදෙනුවට අදල ලියකියවිලි කිහිපයකි මේ

 

health-2health-3health-4health-5health-6health1

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us