ඊළමට මගෙන් කිසි ඉඩක් ලැබෙන්නේ නෑ(video)

Published in පුවත්
Monday, 05 January 2015 11:27

තමා බලයට පත්වුවහොත් රට බෙදන බවටත්, ඊළමට යළි හිස එසවීමට ඉඩලබාදෙන බවටත් දේශපාලන ප්‍රතිවාදීන් විසින් චෝදනා කරමින් ගියද එකී චෝදානවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ අද (05) තිඹිරිගස්යාය විපක්ෂයේ ප්‍රධාන පොදු අපේක්ෂක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මෛත්‍රීපාල මහතා කියා සිටියේ කිසිවෙකු හෝ සමග ගිවිසුම් නොමැති බවත්, ඇත්තේ වැඩපිළිවෙළක් පමණක් බවත්ය.

තමා ඒකීය ශ්‍රී ලංකාව දිවි හිමියෙන් සුරකින බවත්, ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම තමන් බාරගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව තමන් ඇතුළු කණ්ඩායම ප්‍රචණ්ඩ ක්‍රියා වලට අනුබල නොදී නිදහස් හා සාමකාමී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවූ බවත්, ජනාධිපතිවරණයට තව ඉතිරිව ඇත්තේ පැය 72 ක පමණ කාලයක් පමණක් බවත් ඔහු සිහිපත් කළේය.

දේශපාලන ප්‍රතිවාදීන්ටද ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් තොරව නිදහස් හා සාධාරණය මැතිවරණයක් පැවැත්වීමට සහයෝගය ලබාදෙන ලෙස තමන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Last modified on Monday, 05 January 2015 11:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us