ප්‍රචාරක කටයුතු අද මැදියමෙන් අහෝසියි

Published in පුවත්
Monday, 05 January 2015 10:34

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වීමට නියමිතව ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව කිසිදු ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අපේක්ෂකයින්ගේ පෝස්ටර්, බැනර් සහ කට්වුට් හෙට දිනයේ සිට ඉවත් කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.

එමෙන්ම දේශපාලන පක්ෂ පිහිටුවා ඇති ප්‍රචාරක කාර්යාල ද හෙට දිනයේ සිට ඉවත් කළ යුතු වෙයි.

මැතිවරණ නීතිය උල්ලංඝණය කරන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අද දිනයේ දී අවසන් මහ රැළි පැවැත්වීමට මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ දී කැස්බෑව නගරයේ පැවැත්වෙන සිය අවසන් ප්‍රධාන රැළියට එක්වීමට නියමිත අතර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැත්වෙන සිය අවසන් මහ රැළියට එක්වනු ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us