වීදියේ විරෝධකරුවන්ගේ නිවෙස්වලට බල්ලන් මරා ඔළු ගෙනත් දායි (photos)

Published in පුවත්
Monday, 05 January 2015 07:55

(update)ඒකාධිපති මහින්ද රාජපක්ෂ රෙජිමය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වූ වීදියේ විරෝධය කණ්ඩායමේ සංවිධායකවරයකු වූ බ්‍රිටෝ ප්‍රනාන්දුගේ හා ප්‍රසංග ප්‍රනාන්දු මහත්වරුන්ගේ නිවෙස් ඉදිරිපිටට ඊයේ රාත්‍රියේ මරා දමන ලද බල්ලන් දෙදෙනකුගේ හිස් ගෙනවිත් දමා තිබේ.

මේ සම්බන්ධයෙන් මේ වන විට  මීගමුව පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කරමින් සිටී බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ නිවස පිහිටා ඇත්තේ මීගමුවේ වන අතර ප්‍රසංග ප්‍රනාන්දු මහතාගේ නිවස පිටිපන ප්‍රදේශයේ පිහිටා තිබේ.

වීදියේ විරෝධය කණ්ඩායමේ වැඩසටහන් කිහිපයකටම මීට පෙර ප්‍රහාරයන් එල්ල වූ අතර බාධාකිරීම් ‍රැසකටද ගොදුරු විය.

කෙසේ නමුත් මේ වන විට පරාජය හමුවේ වියරු වැටි සිටින මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ගෝලබාලයන් ඉතා තිරිසන් තත්වයට වැටී ඇති බව මෙයින් පැහැදිලිවේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීද රාජපක්ෂ පවුල් ආණ්ඩුවට එරෙහි පුද්ගලයන්ගේ නිවෙස් වලට මෙලෙස් බල්ලන් මරා හිස් ගෙනවිත් දැමීම් වාර්තා වූ අතර හිටපු එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ මව ආදාහනය කළ බිමටද මෙලෙස බල්ලන් මරා හිස් හතරක් ගෙනත් දැමීඅට ආරක්ෂක අංශ සාමාජිකයන් කටයුතු කර තිබිණි.

 brito-dog-3

brito-dog-1brito-dog-2

Last modified on Monday, 05 January 2015 10:26

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us