පරාජය ස්ථිරයි ! මහින්ද තුට්‍ටු දෙකේ වැඩත් කරයි !!

Published in පුවත්
Monday, 05 January 2015 07:17

පරාජය ස්ථිර නිසා ඒ යනතමින් හෝ වලක්වා ගැනීමට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ ඡන්ද සලකුණ ව්‍යාජ ලෙස වෙනස් කර සකසන ලද ඡන්ද පත්‍රිකා රටපුරා බෙදා හැර පොදු අපෙක්ෂකයාගේ ඡන්ද දයකයන් නොමඟ යැවීමේ තුට්‍ටු දෙකේ කටයුත්තක මහින්ද රාජපක්ෂ යේදී සිට්න බව එජාපය චෝදනා කරයි.


‘මේකේ දාලා තියනවා මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමාගේ ලකුණ ත්‍රීවීල් එකක් බවට. ඒ වගේම අලියා ලකුණ ඡන්ද පත්‍රිකාවේ මෙවර නැහැ. අලියා ලකුණ දාලා තියනවා තව එක්කෙනෙකුගේ නමට’ යනුවෙන් එක්සත් ජාතික පක්ෂ හලාවත ප්‍රධාන සංවිධායක ශාන්ත සිසිර කුමාර පැවසීය.

මෙහිදී හලාවතදි හමුවූ වැරදි ඡන්ද සලකුණු යොදා සකසන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හල පුද්ගලයන්ගේ විස්තර හලාවත පොලිසියට සහ පුත්තලම මැතිවරණ කාර්යාලයට ලබා දී ඇති නමුත් එම පුද්ගලයන් තවදුරටත් ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හරිමින් සිටින බවයි ශාන්ත සිසිර කුමාර වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර නිල ඡන්ද පත්‍රිකාවට සමාන පත්‍රිකාවක් බෙදා හැරීම හෝ ළඟ තබා ගැනීම මැතිවරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක දී එම් දිසානායක සඳහන් කළේය.

ballot-p

‘පසුගිය දින කිහිපයකදීම ලංකාවේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුනා වැරදි විදිහට සකස් කරපු ආදර්ශ ඡන්ද පත්‍රිකා ජනතාව අතර සංසරණය කරන බවට, මෙය ඇත්තෙන්ම ජනතාවගේ තොරතුරු ලබා ගැනීමේ අයිතියට දැඩි බාධා පමුණු වන, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මතයට හානි කරන ආකාරයේ කටයුත්තක් හැටියට තමයි අපි දකින්නේ’ යනුවෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක දී එම් දිසානායක කියා සිටියේය.

පසුගිය දින කිහිපය ඇතුළත ව්‍යාජ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වූ බවත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේය.

Last modified on Monday, 05 January 2015 07:41

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us