මහින්දගේ අවසන් ‍රැළිය කොට උඩ ! වෙල්ගම කරහරි, සමරසිංහත් එපා වාහෙට

Published in පුවත්
Monday, 05 January 2015 00:01

හෙට මතුගම මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබු මහින්ද රාජපක්ෂගේ අවසන් මහ ‍රැළිය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් ඇති වී ඇතැයි වාර්තා වේ. මෙම ‍රැළියේ සංවිධායකවරයා වන්නේ ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාය.

හෙට දින මෙම ‍රැළිය පැවැත්වෙන බව ජනාධිපතිවරණ මෙහෙයුම් කමි‍ටුව විසින් ප්‍රසිද්ධ කර ඇතත් ඊයේ(04) රාත්‍රී 11.30 වන තුරුත් එම ‍රැස්වීම් වේදීකාව තැනීම පරික්ෂා කිරීමට හෝ ඊට අදාල කිසිදු කටයුත්තකට වෙල්ගම මහතා සහබාගී වී නැත. මේ නිසා හෙට දිනයේ සූදානම් කර තිබු දවැන්ත ‍රැලියට වෙල්ගමගේ සහභාගිත්වයත් අවිනිශ්චිත බව පෙනෙන්නට තිබේ.

මේ අතර අද දින අගලවත්ත බස් නැවතුම් පොළ හරස් කර දැවැන්ත ‍රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුණද එය අගලවත්ත සංවිධායක, වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ මහතා කර හැරීම නිසා ඒ මුළුමනින්ම අසාර්ථක වී ඇත. මෙම ‍රැස්වීම පැවැති කාලය පුරා තුන් සියයක පමණ පිරිසකට වඩා සහභාගී නොවූ අතර මේ වන තුරුත් පවතින සංගීත සැඳැව රස වීඳීමට 25 දෙනෙකු පමණ පිරිසක් සම්බන්ධ වී සිටින බව අගලවත්ත අපගේ වර්තාකරු පවසයි. සමරසිංහ මහතා අති දක්ෂ සංවිධායකයකු ලෙස පිළිගැනිමක් ඇති අයකු වන අතර ඔහුගේ දේශපාලන ජීවිතයේ අඩුම ජනසහභාගිත්වයක් වාර්තා වූ ජන ‍රැළියද මෙය බව පැවැසේ.

කෙසේ නමුත් මම ඇමැතිවරුන් දෙදෙනාම විපක්ෂ පොදු අපෙක්ෂකයාට සහය දීමට සූදානමින් සිටින බව වාර්තා වී ඇත.

Last modified on Monday, 05 January 2015 00:14

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us