ටෙලිනාට්‍ය කලාව ලිංගික අල්ලස් ගන්න තැනක් කළේ රජයයි - රංජන් රාමනායක

Published in පුවත්
Sunday, 04 January 2015 21:17

සමහර කලාකරුවන් මුදල් ඉපැයීම් අරමුණු කරගෙන ජනතාව මුලාකරන බව එක්සත් කලා සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ (03) ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

එහිදී ඔහු මෙසේද පැවසුවේය.
“අද කලාකරුවන් කොටස් දෙකකට බෙදී අවසන්. සමහර කලාකරුවන් මුදල් ඉපැයීම අරමුණු කරගෙන මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ප්‍රචාරක දැන්වීම් සඳහා පෙනී සිටිමින් ජනතාව රවටයි. රාජපක්‍ෂ පාලනය තුළින් ටෙලි නාට්‍යයක් විකාශය කිරීමේ අවස්ථාව අහිමි කර ඇත. ටෙලි නාට්‍යයක් විකාශය කිරීම සඳහා රුපියල් 50,000 ක් සහ ලිංගික අල්ලස් ලබාදිය යුතුය.

කලා සංසදය මගින් මේ පිළිබද ජනාධිපතිවරයාට ලිඛිතව වාර්තාවක් ඉදිරිපත් කලත් ඒ පිළිබද සලකා බැලීමට ඔහු කටයුතු කලේ නෑ. මේ නිසා සමහර නිෂ්පාදකවරුන්ට තම ටෙලිනාට්‍ය විකාශය කරගැනීමට සදහා කැබිනට් ඇමතිවරුන්ටත් කොමිස් වෙන් කරීමට සිදුව ඇත. කලා ක්ෂෙත්‍රයේ ශිල්පීන් ඇගයීම සදහා ජනාධිපති සම්මාන උළෙල වසර හතකින් පවත්වා නැත. සරසවි සම්මාන උළෙල වසර හතකින් පවත්වා නැත''

මෙම අවස්ථාවට සම්බන්ධ වූ ගායන ශිල්පී චිලී තිලංක මෙසේ සදහන් කළේය “කොන්ද කෙලින් තියෙන සිංහලයෙකුගේ යුතුකම ඉටු කරන්න තමයි මම මෛත්‍රීපාලනයක් වෙනුවෙන් පෙනී සිටින්නේ. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න බෑ. කලාකරුවාට ස්වාධීනව රැකියාව කරගෙන යන්න බෑ. කලාකරුවන් දෙකට බෙදිලා. රජය වෙනුවෙන් පෙනී සිටින බොහෝ රැකියාව වෙනුවෙන් එය සිදු කරනවා. එසේ නැතිනම් ඥාති සබදතා මගින් ඒ දේ සිදුවෙනවා. මෛත්‍රීපාලනයකට මේ රට ගමන් නොකලහොත් මතුපරපුරටත් ප්‍රශ්නයක් වෙනවා. මට පෞද්ගලිකව ලබාගැනීමට අරලියගහ මන්දිරයට කතා කළා. නමුත් මං රටවෙනුවෙන් තීරණයක් ගත්තා. මේ රටේ යම් කිසි ලේ වැගිරීමක් සිදුවුහොත් පවතින රජය වගකිව යුතුයි. එහෙම වුනොත් තරුණ පරපුර එක්ක පාරට බහින්න වුනත් මා සූදානම්''

මෙහිදී අදහස් දැක්වූ ගායන ශිල්පී රජීව් සෙබස්තියන් මහතා “කලාකරුවා නිර්පාක්ෂික විය යුතුයි. කලාවට පොදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අපේ රටේ එය සිදුවන්නේ නැහැ. රවින්ද්‍ර රන්දෙණිය මහතා එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙනුයි පාර්ලිමේනතුවට ගියේ. ඔහු දැන් කියනවා ජනාධිපතිට කළගුණ සපකන්නලූ. 1977දී මාලනී ෆොන්සේකා යූ.එන්.පී. වේදිකාවටයි ගොඩ වෙන්නේ. එහි කළගුණ සලකන්නේ නැත්නම් අපි කොහොමද ඒ අය කියන දේ විශ්වාස කරන්නනේ. අද කලාව, ක්‍රීඩාව, නීතිය, වැනි හැමදේම පෞද්ගලීකරණය වෙලා. යහපාලනය වෙනුවට යමපාලනයක් ඇතිවෙලා. වර්තමාන පාලනය තුළ මේ රට ගමන් කරන්නේ කුමන දිශාවටදැයි අප සිතිය යුතුයි.''

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us