ටීඑන්ඒ - මෛත්‍රී ගිවිසුමක් තිබෙන බව කියන්න බෑ කිව් මන්ත්‍රී අතුරුදහන් !

Published in පුවත්
Sunday, 04 January 2015 19:25

දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම් දිස්ත්‍රික් පළාත් සභ මන්ත්‍රී ජී.ගුණසීලන් මහතා ට ආරක්ෂක අංශවලින් එල්ල වූ ජීවිත තර්ජන හමුවේ ආගිය අතක් නැතැයි වාර්තාවේ.

පසුගියදා ඔහුට විශාල මුදලක් ලබා දිමට පොරෝන්දු වූ ආරක්ෂක අංශ ප්‍රධානියකු ඔහු ලවා දෙමල ජාතික සන්ධානය හා මෛත්‍රීපාල සිරිසේන මහත අතර ගිවිසුමක් ඇතැයි පවසන ලෙස පසුගිය දින කිහිපයේදීම දැඩිව ඉල්ලා තිබේ. එහෙත් ඒ ප්‍රතික්ෂේප කිරීමට ඔහු කටයුතු කර ඇත. ඉන් පසුව එසේ නොකලහොත් මරා දමන බවටද තර්ජනය කර ඇත.

කෙසේ නමුත් ආරක්ෂක අංශවලින් එල්ල වූ තර්ජනය කිරීම සම්බන්දයෙන් ඔහු පක්ෂයද දැනුවත් කර තිබුණු නමුත් මේ වන විට ඔහු අතුරුදහන්ව ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා විදේශ මාධයයට ප්‍රකාශයක්ද මේ වන විට ලබා දී තිබේ. ඔහුට සිදු වූයේ කුමක්ද යන්න ගැන කිසිදු තොරතුරක් නැති බවත් ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් එම පක්ෂය පවසන්නේ තම මන්ත්‍රීවරු ගනනාවකට මෙලෙස බලපැම් එල්ල වී තිබෙන බවය.

මේවන විටත් උතුරේත් දකුණේත් බහුතර ජනතාවක් මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම සඳහා පෙළ ගැසී ඇති විට ඒ වැලැක්වීම සඳහා රාජපක්ෂ රජය ඉතා නිවට හා නිර්ලජ්ජිත ලෙස කටයුතු කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධානය චෝදනා කරයි.

ඔවුන් විසින් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා සම්බන්ධන් මහතාගේ ව්‍යාජ අත්සන යෙදූ ලියවිල්ලක් නිර්මාණය කර ඔවුන් දෙදෙනා අතර උතුරේ දෙමළ ප්‍රශ්නයට අදාලව එකඟතාවයක් ඇති බව පවසා සිංහල ජනතාවගේ ඡන්දය මෛත්‍රීපාල මහතාට එරෙහිව ලබා ගැනීමේ අරමුණෙන් බව පැහැදිලිය.

මෙමඟින් ආරක්ෂක අමාත්‍යාංශය සූදානම් වන්නේ මේ බොරු පුවත් නිර්මාණය කර දකුනේ උග්‍ර සිංහල ජාතිවාදීන් කුල්මත් කරවීමට බවත් එහෙත් ඒ කිසිසේත්ම බහුතර සිංහල ජනතාව පිළිගන්නේ නැති බවත් එම පක්ෂය වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Last modified on Sunday, 04 January 2015 19:25

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us