මහින්ද, ජනාධිපති වෙන හැටි හෙළිවේ. නිල ඡන්ද පත්‍රිකා පන්නලා

Published in පුවත්
Saturday, 03 January 2015 10:30

නිල ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකා තොගයක් බලංගොඩ ප්‍රදේශයේදී මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවකු විසින් ප්‍රවාහනය කරන අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පත්‍රිකා රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද ඒවා බව සැක කෙරේ. මේ සම්බන්ධයෙන් රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කර ඇත. මෙම ඡන්ද පත්‍රිකාවේ SHE 000200-P.E 2015 Government Press PV යනුවෙන් ද සඳහන් කර තිබේ.

කෙසේ නමුත් පසුගියදා රාජ්‍ය මුද්‍රණාලයේ මුද්‍රන අංශයේ ප්‍රධානියාව ඉවත් කර රාජපක්ෂ පවුලේ හිතවතකු ඒ සඳහා පත් කල අතර , මුද්‍රනාල ආරක්ෂක අංශයද ඉවත් කර ඒ සඳහා ‍තෝරා ගත් පොලිස් නිලධාරීන් පිරිසක් යොදවන ලදී

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුළු සිවිල් සංවිධානද මේ පිළිබඳව දැඩි විමසිල්ලකින් සිටී. එම ඡන්ද පත්‍රිකාවේ මහින්ද රාජපක්ෂෙ මහතාට හිමි බුලත් කොළය ලකුණ ඉදිරියේ කතිරය සලකුණු කර ඇත.

පසුගියදා තමන් කෙසේ හෝ මෙම මැතිවරණය ජයග්‍රහණය කරන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය .

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us