අවසන් පැය 48 මෙහෙයුම ගෝඨා අතට !

Published in පුවත්
Saturday, 03 January 2015 10:13

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටනේ අවසන් පැය 48 මෙහෙයුම ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා භාර ගෙන ඇතැයි රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානියකු මිට දින කිහිපයකට උඩදී සිය හිතවතුන් සමඟ පවසා ඇත.

ලෙක්හවුස් අයතන තුල පැවැති හමුවකදි ඔහු මේ බව අනාවරණය කර තිබේ. මේ වන විට ලැබී තිබෙන සියලු සමික්ෂණ වර්තා අනුව මහින්ද රාජපක්ෂ දරුණු පරාජයක් අත්පත් කර ගනු ඇති බවට කෙරුණු කතා බහේදී මෙම මාධ්‍ය ප්‍රධානියා මේ බව පවසා ඇත. කිසිවකට බිය යුතු දෙයක් නැති බවත් ලොක්කා පැරදුනත් තව අවුරුදු 2ක් තනතුරේ සිටිය හැකි බවත් අවධාරණය කර තිබේ.

එමෙන්ම අවසන් පැය 48 තුලදී ආරක්ෂක ලේකම් වරයා විසින් වෙනස් ආරක මෙහෙයුමක් දියත් කරන බවත්. ඒ සඳහා මේ වනවිට ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න ආදී හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අංශ කණ්ඩායමක් සූදානම් වෙමින් සිටින බවත් ඔහු පවසා ඇත. එහෙත් මෙම මෙහෙයුම කුමක්ද යන්න හෙළි කර නැත.

ඒ කෙසේ වුවත් රාජපක්ෂ පවුලේ පුතුන්ගේ විනෝදය සඳහා පසුගිය කලයේ රුපියල් කෝටි අනූවක් පමණ වියදම් කොට මෙරටට ගෙන්වන ලද ලැම්බොගිනිල ඇස්ටන් මර්ටින් වැනි රේසිං කාර් 6 ක් ඊයේ දිනයේදී මෙරටින් පිට කිරීමට කටයුතු කොට තිබිණි. ඒ ජයග්‍රහණයේ අවිනිශ්චිතාව නිසා බව පැහැදිලිව පෙනීයයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us