පාසැල් පළමු වාරය පස් වන දා ඇරඹේ

Published in පුවත්
Friday, 02 January 2015 12:55
පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු ලබන පස් වැනිදා ආරම්භ වේ. සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීම් සිදුකරන පාසල් සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර සෙසු සියලු වල අධ්‍යයන කටයුතු එදිනට ආරම්භවීමට නියමිතය.
පාසල් 68ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් සඳහා යොදාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා සඳහන් කළේය. 
 
ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙන්ම පාසල් ගොඩනැගිලි රැසක් යොදා ගන්නා බැවින් ලබන 7,8 සහ 9 යන දිනවල එම පාසල් සඳහා නිවාඩු ලබාදීමට නියමිතය. 
 
ජනාධිපතිවරණය සඳහා යොදාගන්නා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන 12 වැනිදා යළි විවෘත වන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය. 
 
සාමාන්‍ය පෙළ පිළිතුරු පත් ඇගයීම් සිදුකරන පාසල් 6 වැනිදා සිට 9 වැනිදා දක්වා වසා තැබෙන අතර 12 වැනිදා පළමු පාසල් වාරය සඳහා විවෘත කෙරෙයි. 
 
මේ අතර අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ සංචාරයට සමගාමීව ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්නා පාසල් ලබන 11 වැනි දින සිට 15 වන දින දක්වා වසා තැබෙන අතර එම පාසල් නැවත විවෘත වන්නේ ලබන 16 වැනි දාය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us