පන්සල,ජනාධිපති ප්‍රචාරක කාර්යාලයක් කරගෙන

Published in පුවත්
Friday, 02 January 2015 12:28

සිල් රෙදි ඇතුඵ විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් දිවයිනේ බොහෝ විහාරස්ථාන වෙත ලබා දී ඒවා දායක දායිකාවන් අතර බෙදා දෙන ලෙස විවිධ පාර්ශව විසින් ඉල්ලීම් කොට ඇති බව කැෆේ සංවිධානය පවසයි.

මෙම භාණ්ඩ ඇසුරුම් තුලත්, සමහර භාණ්ඩවලත් ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ නම්, ඡායාරූප, පක්ෂ සලකුණු ඇතුඵ සංඥා ද ඇතුලත් වේ.

ජනාධිපතිවරණ පනතේ 79 වගන්තිය යටතේ ‘ඡන්දය දීම හෝ නොදීම සදහා ඡන්ද හිමියෙකු පෙළඹවීමට“ කටයුතු කිරීම වරදක් වේ. එමෙන්ම ආගමික ස්ථාන මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීම ද මැතිවරණ නීතිය අනුව වරදක් වේ.

මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විහාරස්ථාන ඇතුඵ ආගමික ස්ථාන වෙත ලබා දී ඇති සිල් රෙදි, ලිත් වැනි ද්‍රව්‍ය ජනතාව වෙත බෙදා දීම ඡන්ද විමසීම සිදු කරන ජනවාරි 8 දින පෙර සිදුකරන්නේ නම් එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමකි.

එමගින් අපේක්ෂකයින්ගේ ප්‍රවර්ධනයක් සිදු වන බැවිනි. ලිත් සහ දින දර්ශන වැනි ද්‍රව්‍යයන් ගේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඡායාරූප සහ මැතිවරණ ව්‍යාපාරයට යොදා ගන්නා වර්ණ සංකලනයන් ඇතුළත් වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us