එම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත සහ කුමාර වෙල්ගම එක්ව සිටියේය.
පසුගිය ඔක්තෝම්බර් 13 වැනිදා යාල්දේවි දුම්රිය පලෙයි සිට යාපනය දක්වා ධාවනය කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
හෙට සිට යාල්දේවි දුම්රිය ජනතාව වෙනුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කරන අතර ඒ සඳහා නගරාන්තය සීඝ්‍රගාමී දුම්රියන් දෙකක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.