රෝහලේ තියෙන්නේ තුණ්ඩු විතරයි.‍බෙ‍හෙත් විකුණලා

Published in පුවත්
Friday, 02 January 2015 12:11

රටපුරා ස්ථාපිත කර තිබෙන ඔසුසල්වලට අවශ්‍ය ආකාරයට ඖෂධ ලබානොදීම නිසා රෝගී ජනතාව සහ ඔසුසල් නියෝජිතයන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ රටපුරා ප්‍රධාන ඔසුසල් 23 ක් ස්ථාපිත කර තිබෙන බවත්, මීට අමතරව 100කට අධික නියෝජිත ඔසුසල් ස්ථාපිත කර තිබෙන බවත් එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ පාලනය වන සෑම ඔසුසලක් තුළම ඖෂධ වර්ග 193 ක් තිබිය යුතු වුවත්, මේ වනවිට ඔසුසල්වලට ලබාදෙන්නේ ඖෂධ වර්ග 82 ක් පමණක් බවද ඔහු පවසා සිටියේය.

මේ නිසා රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමේදී රෝහල් තුළ නොමැති ඖෂධ ලබාගැනීමට බෙහෙත් තුණ්ඩු ලබා දුන්නද එම තුණ්ඩුවලට අනුව ඖෂධ විශාල ප්‍රමාණයක් ඔසුසල් තුළ නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

මේ නිසා රෝගී ජනතාවට අධික මුදලක් ගෙවා පෞද්ගලික ඖෂධ වෙළෙඳ සැල්වලින් ඖෂධ මිලදීගැනීමට සිදුව තිබෙන බවද ඔහු පවසා සිටියේය‍.

ඔසුසල්වල මෙලෙස ඖෂධ හිඟයක් ඇති වී තිබෙන්නේ අවශ්‍ය තරම් ඖෂධ ගෙන්වීමට කටයුතු නොකිරීම නිසා බවත්, ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ වර්ග 30කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට විකුණ දමන නිසා බවත් ඔහු සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us