ප්‍රබාකරන්ට මිස්ටර් කියන එක සිංහල බෞද්ධ විරෝධීද? - මංගල

Published in පුවත්
Friday, 02 January 2015 15:13

තමන්ගේ එක ඇසක් පමණක් නොව ජීවිතය පවා උදුරා ගැනීමට මාන බලපු ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට පවා ගෞරවකර කතා කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ සිංහල බෞද්ධ හැදියාවේ උදාර ලක්ෂණයක් යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

සමරවීර මහතා ඒ බව සඳහන් කළේ ඊයේ (01) මාතර, දෙවිනුවර, නීල්වැල්ලේ පැවැති ජන හමුවක් අමතමිනි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය උතුරේ පැවැති රැස්වීමකදී ඉංග්‍රීසී භාෂාවෙන් පැවැත්වූ කාතාවකදී ˜මිස්ට ප්‍රභාකරන්˜ යනුවෙන් ඇමැතීම මහා දේශද්‍රෝහී ක්‍රියාවක ලෙස ආණ්ඩුවේ මාධ්‍ය විසින් හඳුන්වා දීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් අදහස දැක්වීමේදී මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, මහා වංශයේ පවා අපට පෙන්වා දී ඇත්තේ රට එක්සේසත් කළ දුටු ගැමුණු මහ රජතුමා විසින් ද්වන්ද සටනකදී තමා අතින් මරණයට පත් වූ දෙමළ ජාතික එළාර රජු වෙනුවෙන් සොහොන් කොතක් තනා ඒ අසලින් යන සියළු දෙනා ඊට ගෞරව දැක්වියයුතු බවට ආඥාවක් පැනවීමෙන් පෙන්නුම් කරන්නේ සිංහල බෞද්ධ හැදියාව බවත් පැවැසීය.

එම හැදියාව වර්තමානයේදි පවා ප්‍රදර්ශනය කරමින් තමාව විනාශ කිරීමට උත්සහ කළ, තමාගේ ඇසක් උදුරගත් ත්‍රස්ත නායකයකුට 'ප්‍රභාකරන් මහත්මයා' යයි ආමන්ත්‍රණය කිරීම, බණ්ඩාරනායක මැතිනියගේ සිංහල බෞද්ධ හැදියාව ප්‍රදර්ශය කිරීමක් බව පැවසු සමරවීර මහතා, මේ වන විට තමන්ට අත්වන පරාජය හමුවේ වියරු වැටී සිටින රාජපක්ෂ රෙජීමය හිටපු හිටපු ජනාධිපතිනිය කළ ප්‍රකාශයට විකෘති අර්ථ ලබා දෙමින් ඉතා පහත් අන්දමින් දේශපාන වාසී තකා යොදා ගැනීමට තරම් බංකොලත් වී ඇති බවත් සඳහන් කළේය.

අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා 31 අමුඅමුවේ ඝාතනය කිරීමට, නිරායුධ පොලිස් නිලධාරීන් 600ක් එකවිට ඝානනය කිරීමට උපදෙස් දුන් කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති තනතුරක් ලබා දී ඇමැති තනතුරක් ලබා දී 'ගරු මැතිතුමා' ලෙස හඳුන්වන්නත්, ඒ වගේම යුද්ධය නිසා වූ මහා විනාශයට වගකිව යුතු වත්මන් එල්ටීටීඊ නායකයා වන කේපීව වරප්‍රසාද සහිත මැතිතුමෙකු කරලා රෙජිමය උකුලේ තියාගෙන ඉන්නනත් කටයුතු කරන රාජපක්ෂ රෙජීමය හිටපු ජනාධිපතිනියට මෙලෙස අපහස කිරීම විහිළුවට කරුණක් සමරවීර මහතා යැයිද පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us