බැසිල්ගේ ගෝලයා අචල මෛත්‍රීට සහාය දෙයි

Published in පුවත්
Friday, 02 January 2015 11:21

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇත.ඒ මහතා මේ මොහොතේ කෝට්ටේ එජාප මූලස්ථානයේ (සිරිකොත) පැවැත්වෙන කම්කරු සම්මේලනයට එක්ව සිටින අතර තවත් සුළු සිය ස්ථාවරය ප්‍රකාෂ කිරීමට නියමිත බව පැවසේ.

ජාගොඩ මහතා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ලෙස කලක් කටයුතු කළ අතර පසුව විමල් වීරවංශ මහතා සමග ජාතික නිදහස් පෙරමුණ නිර්මාණය කිරීමට දායක විය.

මේ වන විට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ජාගොඩ මහතා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ සමීපතමයකුද වෙයි. ජාගොඩ මහතා, මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරන මන්ත්‍රීවරු ‍රැසක් විපක්ෂයට එක්කර ගැනීමේ කටයුත්තට දායක වූ ප්‍රමුඛයකුද වේ.

අචල ජාගොඩ මන්ත්‍රීවරයා සමග ඉදිරි දින කිහිපයේදී තවත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ‍රැසක්ම මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක්වන බව වාර්තා සඳහන් කරයි.

සබැදි පුවත්


ලසන්තටත් යන්න හිතිලා..

Last modified on Friday, 02 January 2015 11:31

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us