මහින්දගේ තවත් කුමන්ත්‍රණයක් හෙළිවේ. රනිල්,සජිත් ඩමි යොදා හොර වීඩියෝවක් තනයි

Published in පුවත්
Friday, 02 January 2015 11:55

මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රහසිගත මධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට දරන ලද උත්සාහයක් අසාර්ථක වී ඇති බව අනාවරණය වේ.

මෙය ස්වාධීන රූපවාහිනිය මෙහෙයවන සුදර්මන් රදලියගොඩ සකස්කරමින් සිටි බවත් ආරක්ෂක අමාතත්‍යංශ ලේකම්වරයා ඒ පිටුපස සිටින බවත් අනාවරණය වේ. මෙම රහසිගත මෙහෙයුමට ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි යන අය යොදා ගැනීමට සැලසුම් කර තිබූ බවද අනාවරණය වේ.

එම සැලැස්ම මෙසේය. ලබන හත්වෙනිදා රෑ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ වාහන වලට සමාන වාහන දෙකක් අරලිය ගහ මන්දිරයට ඇතුළු වෙන සී සී ටී වී කැමරාවක පටිගතවූ දර්ශන ලෙස පෙන්වීමට සැලසුම් කර ඇත.

ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා භාවිත කරන වාහන වලට සමාන වාහන දෙකක් එම වාහනවල අංක වලට සමාන ව්‍යජ අංක තහඩු සකස්කර එම වාහන අරලිය ගහ මන්දිරයට ඇතුල් වෙන ආකාරයේ දර්ශන සී සී ටී වී කැමරාවල සටහන් වීමට ඉඩහැර සැනෙකින් එම දර්ශණ රූපවාහිනයේ විකාශනය කිරීමට සැලසුම් කර ඇත.

ඉන් පසු උදෑසන මහින්ද රාජපක්ෂ මහතා චන්දය දැමීමට යන අවස්ථාවේ රනිල් සහ සජිත් පෙරදින රාත්‍රීෙය් අරලියගහ මන්දිරයට පැමිණියේදැයි මාධ්‍ය මගින් විමසීමට කියමිතය‍. 'කෝපි දුන්නම සේරම හරි මම මුලින්ම කිවුවනේ' යනුවෙන් පිළිතුරු දීමටත් මෙම දර්ශන සහ වාහනවල සී සී ටී කැමරා දර්ශනත් මැතිවරණ දිනය පුරා විකාශනය කිරීමට නියමිතය.

මෙම දර්ශන හැකිනම් ජාතික රූපවාහිණියේ සහ ස්වාධීන රූපවාහිණයේ විකාශනයට පෙර ඉල්ලන මුදලක් ගෙවා ප්‍රධාන පුවතක් ලෙස පුද්ගලික චැනලයක මුලින්ම විකාශනය කිරීමටත් එම රූපරාමු වලට එම මාධ්‍ය ආයතයේ සංකේත යොදාගැනීමෙන් පසු ආණ්ඩුවේ රූපවාහිනී වලින් විකාශනය කිරීමටද සොයාබලා ඇත.

Lanka Herald

Last modified on Friday, 02 January 2015 11:57

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us