අපි උපදින්න ඉන්න දරුවන්ටත් ආර්ථික ක‍්‍රමවේද සාදා අවසන්

Published in පුවත්
Friday, 02 January 2015 11:16

මෙරට තුළ බියෙන් හා සැකයෙන් ජීවත් වූ ජනතාවට වර්තමානයේදී බියෙන් සැකයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගා ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

උපදින්නට සිටින දරුවාගේ සිට මිය යන පුද්ගලයා දක්වා වත්මන් රජය නව ආර්ථික ක‍්‍රමවේදයක් සකසා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ විජයග‍්‍රාහී ජන රැලියට එක් වෙමිනි.

යුද්ධය ජයග‍්‍රහණය කර එක්සේසත් කළ රට යළි බෙදන්නට ඉඩ නොදෙන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ඓතිහාසික මහනුවර නගරයේ පැවති විජයග‍්‍රාහී ජන රැලි කිහිපයකටද එක් වූයේය. 1815 දී කන්ද උඩරට ගිවිසුම තුළින් අධිරාජ්‍යවාදීන්ට රට පාවාදීමට සිදු කළ කුමන්ත‍්‍රණයට සමාන කුමන්ත‍්‍රණයක් 2015 වසරේදීද අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයවීමෙන් යළිත් මෙරට තුළ කි‍්‍රයාත්මක වන බව ජනාධිපතිවරයා කන්ද උඩරටදී අවධාරණය ක‍ළේය‍.

රටේ ඉදිරි ගමන වැළැක්වීමට කෙරෙන මෙම කුමන්ත‍්‍රණය පරාජය කිරීමට එක්වීම රටට ආදරය කරන සියළු ජනතාවගේ යුතුකමක් හා වගකීමක් බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us