ජනාධිපතිවරණය රාජ්‍ය දේපළ විනාශ කළා

Published in පුවත්
Friday, 02 January 2015 10:54

2010 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණය සංසන්දනය කිරීමේදී බරපතල ගනයේ පහරදීම්වල වැඩි වීමක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එමෙන්ම 2010 ජනාධිපතිවරණයට සාපේක්ෂව රාජ්‍ය දේපළ අවභාවිතයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවද එම සංවිධානය සදහන් කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් වාර්තා වූ සිද්ධීන් පනස් තුනට සාපේක්ෂව මෙවර රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් සිද්ධීන් එකසිය හතළිස් හතක් මේ වන විට වාර්තා වී ඇති බව පැෆ්රල් සංවිධානය ජනාධිපතිවරණයට අදාළව නිකුත් කළ අතුරු වාර්තාවක දැක්වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී වාර්තා වූ නීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් පන්සිය හැත්තෑ දෙකට සාපේක්ෂව වත්මන් මැතිවරණයේදී මේ වන විට සිද්ධීන් පන්සිය පනහ ඉක්මවා වාර්තා වී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

මෙවර වාර්තා වී ඇති ප‍්‍රචණ්ඩකි‍්‍රයා සංඛ්‍යාව එකසිය හැට දෙකකි. මහනුවර දිස්ති‍්‍රක්කයෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා විසි දෙකක් සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් විස්සක් වාර්තා වී ඇතැයිද පැෆරල් සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us