බෙලිඅත්ත එජාප සංවිධායකට ප්‍රහාරයක්

Published in පුවත්
Friday, 02 January 2015 10:16

 

එක්සත් ජාතික පක්ෂයේ බෙලිඅත්ත ආසන සංවිධායක විමල් ජයසිරි මහතාගේ බෙලිඅත්ත, කහවත්ත ප්‍රදේශයේ නිවසට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඊයේ රාත්‍රී හතට පමණ ප්‍රහාරයක් එල්ලකර තිබේ.

 

යතුරුපැදි 15 කින් පමණ පැමිණි පිරිසක් ජයසිරි මහතාගේ නිවසේ භාණ්ඩ වලට මෙන්ම ලියකියවිලි වලට හානි සිදුකොට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පින්තුරවලටද හානිසිදු කර ඇත.

 

එමෙන්ම යතුරුපැදි 4 කට හා කාර්යාලයීය උපකරණවලටද ප්‍රහාරකයන් හානි සිදුකොට වෙඩි කීපයක්ද තබා පළා ගොස් තිබේ. ප්‍රහාරයෙන් විමල් ජයසිරි මහතාගේ බිරිඳ වන ප්‍රියංකා කරුණාතිලක මහත්මියද සුළුතුවාල ලබා ඇති අතර මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසියට සිදුකොට ඇති පැමිණිල්ලකට අනුව බෙලිඅත්ත පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

 

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විමල් ජයසිරි මහතා.

 

"මම මගේ ආධාර කරුවන් කීපදෙනෙකු සමග මගේ නිවසේ රැඳී සිටිනවිට දම්මුල්ල දෙස සිට පැමිණිය කරබකටියේ වයින් ස්ටෝස් එකේ හිච්චා සහ දික්වැල්ලේ ගෙදර බේබි කියන අය සමග කණ්ඩායමක් තුවක්කු සහිතව ඇවිල්ලා මගේ ආධාර කරුවන්ට පහරදීලා බඩු මුට්ටු පොඩිකරලා මට අලාබ හානි සිදුකොට උඩට වෙඩි තියලා හෙට එළිවෙන්න ඉස්සරවෙලා සියලුදෙනාම මරන බවට මරණිය තර්ජනය කරලා අපි නිරායුධව ඉන්න පිරිසක් හැටියට ගේ ඇතුළට වෙලා ඉන්නකොට දොරකඩන්න හදලා -එතකොට මම දොරවහගෙන විදුරු ජනේලයෙන් බලන් හිටියා සියලු සිද්ධීන් . මිට පෙරත් මෙවැනි සිද්දියක් වුණා. මම ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරලා තියෙනවා ඒ පුද්ගලයාම මිට පෙරත් ටී 56 ගිනි අවියක් අරන් ඇවිත් ගේට්ටුව ගාවට ඇවිත් උඩට වෙඩි තියලා මරණිය තර්ජනය කරලා ගියා. නමුත් කිසිම රාජකාරියක් ඉටු වුණේ නෑ ඔවුන් නිදැල්ලේ හැසිරෙමින් ඉඳලා තමයි අපට අදත් මේ සිද්ධියට මුහුණ පාන්න උනේ."

 

ඡායා රූ - රාහුල් සමන්ත

 

adaderana

beliatta 1

 

Last modified on Friday, 02 January 2015 10:46

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us