ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීවේය.
මෙම කුමන්ත්‍රණය සරත් ෆොන්සේකා මහතා ලවා කරගන්න බැලුවා. ඒක හරි ගියේ නැහැ. ඉන්පසු 2011 වසරේ සිට බෙදුම්වාදී අඳුරු සෙවණැලි රටට එරෙහිව ඉතා සැලසුම් සහගතව කුමන්ත්‍රණ දියත් කරමින් සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා ඇතුළතත් පිටටත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක කර ඇති බව. හරි නම් මෛත්‍රීපාල සිරිසේන මහතාව අත්අඩංගුවට ගත යුතුයි.