ස්ත්‍රී දූෂකයන්ට දඩුවම් නොදුන් ආණ්ඩුව දැන් ගෙදර බුදුන් අම්මායි කියනවා(VIDEO)

Published in පුවත්
Thursday, 01 January 2015 14:46
වත්මනේ රටේ බහුතරය කාන්තාවන් වුවත් එම කාන්තාවන්ට රටේ ව්‍යවස්තාවට අනුව නීතියෙන් ලැබිය යුතු සමාන අයිතිවාසිකම් ලබා දීමට රජය ක්‍රියා නොකරන බව විපක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ කාන්තා අයිතිවාසිකම් වල ප්‍රගතියක් වෙනුවට සිදුවී ඇත්තේ ලැබිය යුතු අයිතිවාසිකම්ද අහිමිවීම බව ඔහු පෙන්වා දුන්නේය. 2013 වසරේදී පමණක් ස්ත්‍රී දූෂණ පැමිණිලි 2300 ක් පොළීසියට ලැබී ඇත.අතවරයන් අතරින් තුනෙන් එකක් පමණක් පොළීසියට වාර්තා වී ඇත. නමුත් මෙම පැමිණිලි වලින් වරදකරුවන් වී ඇත්තේ හත් දෙනෙක් පමණි. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර බුදුන් අම්මා යැයි පැවසීම ජනතාව මුළාකිරීමක් බව වික්‍රමසිංහ මහතා පැවසුවේය.
 
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(31) විහාරමහා දේවී එළිමහන් රංගපීඨයේදී පැවැති කාන්තා සම්මේලනයේදී අදහස් දක්වමිනි.
 
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් එක්සත් ලක්වනිතා පෙරමුණ සංවිධනය විසින් මෙය සංවිධනය කර තිබුණි.
 

 

Last modified on Thursday, 01 January 2015 14:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us