ඓතිහාසික ස්මාරකවලත් මහින්දගේ පොස්ටර්

Published in පුවත්
Thursday, 01 January 2015 14:30

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක පෝස්ටරයක් ඊයේ රාත්‍රියේදී රට පුරා ඇලවීමට කටයුතු කර ඇති අතර එහිදී ශ්‍රී ජයවර්ධන පුර කොට්ටේ ජුබිලිකණුව නමින් හැඳින්වෙන මංසන්දියේ පිහි‍ටුවා ඇති ඓතිහාසික ස්මාරකයකද එම පොස්ටර් අලවා ඇත.

එක්සත් රාජධානියේ වික්ටෝරියා රැජින පදවිප්‍රාප්තියේ 50 (ස්වර්ණ) ජයන්තිය සැමරීම සඳහා 1887දී ඇයගේ යටත් විජිතයක් වූ ලංකාවේ පිහිටවූ මෙම ස්මාරකය ජුබිලි කණුව නමින් හැඳින්වේ.

මීට පෙර අවස්ථාවකද සංවර්ධන කටයුත්තක් නිසා මෙම ස්මාරකයට හානී සිදුවූවද ඒ යළි එතැන පිහි‍ටුවාලීමට රජය කටයුතු කර තිබිණි. ඒ එහි වටිනාකමක් ඇති බැවිනි.

පුරාවිද්‍යත්මක වශයෙන් වැදගත් ස්මාරකයක් වූ මෙය ආරක්ෂා කිරීම බටහිර අධිරාජ්‍ය ගැති බාවය පෙන්නුම් කිරීමක් ලෙස රාජපක්ෂ පාක්ෂිකයන් කල්පනා කර මේ විනාශ කිරීමට කටයුතු කළා දැයි අපි නොදනිමු.

එහෙත් මේ මෝඩ ක්‍රියාවට එරෙහි වූ ප්‍රදේශවාසින් මෙම පොස්ටර් ඉරා දැමීමට කටයුතු කොට ඇත.

Last modified on Thursday, 01 January 2015 14:42

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us