ඔහු සහභාගි වූ මාධ්‍ය හමුවක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවසේදී පැවැත්විණ.
එම මාධ්‍ය හමුවේදී නන්දිමිත්ර ඒකනායක මහතා කියා සිටියේ ඉදිරි ජනපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය ලබාදෙන බවයි.
එමෙන්ම ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක මහතා ද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූහ.
පසුගියදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දඹුල්ලේ පැවැති රැළියකදී විපක්ෂය සමච්ඡලයට පත්කරමින් පැවසූවේ 'කෝ නන්දමිත්‍ර යනවා කිව්වා... පුළුවන් අරං පෙන්වන්න'යනුවෙන් පවසමිනි. එසේම තව ශ්‍රිලනීපයේ කිසිදු මන්ත්‍රීවරයකු විපක්ෂයට එක්වන්නේ නැති බව මීට සති දෙකකට උඩදී පැවසීය.