මහින්ද ඊයේ රාත්‍රියේ කතරගම දෙවියන්ට කන්නලව්වක් කරලා

Published in පුවත්
Thursday, 01 January 2015 11:34
ඊයේ (31) රාත්‍රියේ කතරගම දේවාලයට හදිසියේම ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ දේව කන්නලව්වක් පවත්වා ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක දින කිහිපය ගත කරමින් සිටින මහින්ද රාජපක්ෂ මහතා නාම යෝජනා භාරදුන් දින රාත්‍රියේම හදිසියේ ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් විශේෂ පූජාවක් පවත්වා ආපසු පැමිණියේය. ඊට අමතරව මෙරට තුළදීද විවිධ ආගමික සිද්ධස්ථානවලට ගොස් බාර හාර හා පුද පූජා කරනු ලැබීය.
 
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයට අත්සන් තැබීම, නාම යෝජනා දින තීරණය කිරීම, නාම යෝජනා භාර දීම සහ ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීම මෙන්ම එදින ජනාධිපතිවරයාගේ ඡන්දය පාවිච්චි කිරීමද සුමනදාස අබේගුණවර්ධන නැකැත් කරුවා සාදා දෙන නැකැත්වලට අනුව සිදු කරමින් සිටී.
 
මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන්නේ යැයි කියන බරපතල ග්‍රහ අපළ දුරු කර ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ මෙම විශේෂ දේව කන්නලව්ව සිදු කර තිබේ.
 
lankatruth

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us