උපන් ගමේ ජනතාව මෙන්ම රටේ ජනතාව ද තමන්ට විශ්වාස බව පැවසූ ජනාධිපතිවරයා එම ජනතා විශ්වාසය සමගින් දරුවන්ට වඩාත් සුරක්ෂිත රටක් බිහි කරන බවද අවධාරණය කළේය.
මේ අතර රටට ලෝකය ජය ගත හැකි ආකාරයේ මානව සංවර්ධනයක් පසුගිය කාලසීමාව තුළ ලබාදුන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ විපක්ෂය එය අවබෝධ කර නොගත්තද ඒ පිළිබඳ ජාත්‍යන්තරයෙන් මෙරටට පැසසුම් ලැබී ඇති බවය.
පසුගිය කාලසීමාව තුළ ජාත්‍යන්තර දර්ශකයන්හී ශ‍්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ද අරණායකදී පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා මෙලෙස අදහස් පල කළේය.