හකීම් - මෛත්‍රී ගිවිසුමක් නැති බව ආණ්ඩුවේ මුස්ලිම් මන්ත්‍රීවරු පවසයි

Published in පුවත්
Thursday, 01 January 2015 11:03

රවුෆ් හකීම්, බදියුදීන්, මුස්තාෆා යන ඇමැතිවරුන් ආණ්ඩුවෙන් වෙන්ව ගියේ මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය සහාය ලබාදීමට නොව ඉදිරි මහ මැතිවරණයට අවශ්‍ය ඡන්ද පදනම නිර්මාණය කිරීමේ අරමුණින් බවත් කොළඹදී ඊයේ (31දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් පුත්තලම නගරාධිපති කේ.ඒ. බැසිස් මහතා පැවැසීය. මේ අනුව ආන්ඩුව විසින් හකිම් මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ගිවිසුමක් ඇතැයි යනුවෙන් පවසන කරුණ නිශ්ප්‍රභා වෙයි.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ එකමුත්වක් ලෙස පිහි‍ටුවගෙන තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ ලෙස මෙම කරුණ අවධාරණය කරන අතර එම සංවිධනය පවසන්නේ ආණ්ඩුවෙන් ඉවත්වී ගිය රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාෆා යන මුස්ලිම් ඇමැතිවරුන් ඇතුළු අනෙකුත් පළාත් පාලන මැති ඇමැතිවරුන් නැවත වරක් ආණ්ඩුවට සම්බන්ධ වුවහොත් දැනට ඉතුරුව සිටි ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුස්ලිම් මන්ත්‍රිවරුන් වහාම දේශපාලනයෙන් විශ්‍රාම යන බවය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය කළහොත් ආණ්ඩුවෙන් වෙන්වී ගිය මේ මුස්ලිම් මැති ඇමැතිවරු පිරිස නැවතත් ආණ්ඩු පක්‍ෂයේ හවුල්කරුවන් වීමට නැවත වරක් කටයුතු කරන බවත්, එසේ වුවහොත් එය බරපතළ තත්ත්වයක් වන බවත් එම මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ පෙරමුණ පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us