මහින්ද තවත් බොරුවක් ගොතා ඇණ ගනී

Published in පුවත්
Wednesday, 31 December 2014 19:07
මේ දින කිහිපය තුල  මහින්ද රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කමි‍ටුව විසින්  මෙරට ජංගම දුරකතන ග්‍රාහකයන් වෙත කෙටි පණිවිඩ යවමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂගේ නිල වෙබ් අඩවිය කොපි කර ඇතැයි අසත්‍ය තොරතුරක්  ප්‍රචාරය කරමින්  සිටී.
 
මහින්ද රාජපක්ෂගේ මෙම වෙබ් අඩවිය mahinda2015.com  කොපි කර  www.voteformaithri.com  වෙබ් අඩවිය  සකස් කර ඇති බව  වන චෝදනාවේ කිසිදු සත්‍යක් නැතැයි එම වෙබ් අඩවියේ ක්‍රියකරුවෝ පවසති.
 
මෙම වෙබ් අඩවි දෙකම එකම කාලයකදී ආරම්බ කරනු ලැබුවත් මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ වෙබ් අඩවිය පලමුව සකස් කරන ලද්දකි. එමෙන්ම එය ආණ්ඩුව පවසන පරිදි  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  නිල වෙබ් අඩවිය ද නොවේ.
 
 මෙය මෛත්‍රීපාල සිරිසේන මහතාට හිතවත්  පිරිසක් විසින් ආරම්බ කරන ලද්දකි. කෙසේ නමුත් ආණ්ඩුව විසින් එම  අසත්‍ය තොරතුර ප්‍රසිද්ධ කිරීම නිසා එම www.voteformaithri.com වෙබ් අඩවියට විශල පාඨක පිරිසක් මේ වන විට එක්වී සිටින බවත් එම වෙබ් අඩවියේ ක්‍රියාකරුවන් පවසති.
 
ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම්  කමි‍ටුව විසින් ඉවක් බවක් නොමැතිව හතර වටේ මඩ ගසන්නට ගොස්  මෙම වෙබ් අඩවිය  මෛත්‍රීපාලගේ නිල වෙබ් අඩවිය ලෙස වරදවා කොපි කර ඇත.   මෛත්‍රීපල සිරිසේන මහතාගේ    නිල වෙබ් අඩවිය වන්නේ www.maithripalas.com  වෙබ් අඩවියයි.
 
my3web.1
 

 

Last modified on Wednesday, 31 December 2014 19:14

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us