මේ අනුව ජනාධිපතිවරයාගේ ලේකම්වරයකු ලෙස කටයුතු කරන අනුර සිරිවර්ධන මහතා අද උදෑසන මුලතිව් හී සන්ධානයේ ඉතිරි වී සිටින අනෙක් නායකයන් රැස්කර එම තීරණය දැනුම් දී තිබේ.
මීට හේතුවී ඇත්තේ එම ආසන සංවිධායක වරුන් හිටපු ඇමැති රිෂාර්ඩ් බදුර්දීන්ගේ හිතවතුන් වීමය. බදුර්දීන් මහතා මේ වන විට මෛත්රීපාල සිරිසෙන මහතාගේ ජයග්රහණය වෙනුවෙන් පෙනී සිටියි.
කෙසේ නමුත් මේ තත්වය මත මුලතිව් දිස්ත්රික්කයේ කිසිදු ජනාධිපතිවරණ ප්රචාරක කටයුත්තක් සිදුකර ගැනීමට ජනාධිපති රාජපක්ෂට නොහැකිවී ඇත.