දයාවේ ඉවසීමේ පණිවුඩයෙන් ලැබෙන සහනය අපමණයි

Published in පුවත්
Thursday, 25 December 2014 07:57

අද ආර්ථික විසංතුලනයේ දරිද්‍රතාවයේ පාරිසරික තර්ජනයන්හි හා ත්‍රස්‌තවාදයේ අති විශාල අභියෝගයන්ට මුහුණ දෙන ලෝකයට ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ උපතේ පණිවුඩය ගෙනා බෙත්ලෙහෙමේ තාරකාව සමග ඇරඹි දයාවේ හා ඉවසීමේ පණිවුඩයෙන් බොහෝ සේ යහපත සලසා ගත හැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නත්තල් උත්සවය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම පණිවුඩය මෙසේය.

ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන් විසින් අද සැමරෙන නත්තල් උත්සවය යේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේගේ උපත සිහිපත් කරයි.

යේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ. ඉවසීමේ හා අවබෝධයේ අලුත් ඉගැන්වීම් සමඟ උන් වහන්සේගේ උපත මානව වර්ගයාගේ විමුක්‌තියට මඟ පෑදූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි.

ක්‍රිස්‌තුන් වහන්සේගේ ජීවිතය එම යුගයේ තිබූ විශ්වාසයන්ගේ බන්ධනවලින් ජනතාව ගළවා ගැනීමට සම්පූර්ණ කැපවීමක්‌ පෙන්වූ අතර කිතු දහමේ ඉගැන්වීම්වලින් අවධාරණය කෙරෙන දයාව හා බෙදා හදා ගැනීමේත්, සමාව දීමේත් අධ්‍යාත්මික ගුණය පැතිරවීම තුළින් දුගී බවින් නිදහස්‌ වීමටත් අධ්‍යාත්මික විමුක්‌තියටත් මඟ පෑදීය.

අද ආර්ථික විසංතුලනයේ දරිද්‍රතාවේ පාරිසරික තර්ජනයන්හි හා ත්‍රස්‌තවාදයේ අති විශාල අභියෝගයන්ට මුහුණ දෙන ලෝකයට ක්‍රිස්‌තුන් වහන්සේගේ උපතේ පණිවුඩය ගෙනා බෙත්ලෙහෙමේ තාරකාව සමග ඇරැඹි දයාවේ හා ඉවසීමේ ක්‍රිස්‌තියානි පණිවුඩයෙන් බොහෝ සේ යහපත සලසා ගත හැකිය. මනුෂ්‍යත්වය. සියලු සත්වයින්ට දයාව දැක්‌වීම හා නිහතමානී බව පිළිබඳ ක්‍රිස්‌තියානි පණිවුඩය ගව මඩුවක සතුන් අතර ක්‍රිස්‌තුන් වහන්සේගේ උපත සිදුවීම හා නිහතමානී එෙŒරුන් උන් වහන්සේගේ පළමු වන්දනාකරුවන් වීම විසින් මොනවට විදහා දැක්‌වෙයි.

නත්තල් උත්සවය පවුල් යළි එක්‌වීමේත් සමාජීය හා වෙනත් සියලු බාධක ඉක්‌මවා යන ත්‍යාග හුවමාරු කර ගැනීමේත් කාලය වන නිසාවෙන්ද එය සියලු කිතුනු බැතිමතුන්ට වඩාත් වැදගත්ය.

අද අප භුක්‌ති විඳින නිදහස තුළ දේවස්‌ථානයන්හි සීනු නාද වෙද්දී හා මෙම උත්සවය සැමරීමට ස්‌තුති ගීතිකා ගැයෙද්දී ශ්‍රී ලංකාවේ සියලු කිතුනු බැතිමතුන්ට සාමයෙන් හා සතුටෙන් සපිරි ප්‍රීතිමත් නත්තලක්‌ සඳහා උණුසුම් සුබ පැතුම් පුදමි.

Last modified on Thursday, 25 December 2014 07:57

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us