ගුටිකෑ විමල්ගේ දොස්තරට උතුර දකුණ මාරුවෙලා

Published in පුවත්
Thursday, 25 December 2014 08:35

'සිරිකොත අබියස සාමකමී උද්ඝෝණෂණයක නිරතවූ තම සංවිධානයේ සාමාජිකයන්ට සංවිධානාත්මක පිරිසක්‌ විසින් මාරාන්තික ලෙස පහර දුන් බවත් ඡන්දයක්‌ අබියස යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කතා කරන අවස්‌ථාවක එක්‌සත් ජාතික පක්‍ෂය මෙවැනි පහරදීමක්‌ කරයි කියා කිසිලෙසකින්වත් හිතුවේ නැති බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා පැවසීය.

තම සංවිධානයේ 800ක පමණ පිරිසකට සිරිකොත ඉදිරිපිටදී මුජිබර් රහුමාන් ප්‍රමුඛ පිරිසක්‌ තම සංවිධානයේ සාමාජිකයන් සමග කිසිදු කතා බහක්‌ සිදු නොකොට පොලුවලින්, බෝතල්වලින් මාරාන්තික ලෙස පහර දුන් බවත් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා කියා සිටියේය.' අද මාධ්‍ය වල මෙලෙස වාර්ථාකර තිබේ.

 

මේ දොස්තර මහතා කියන්නේ අමූලික බොරුවක් බව සිද්ධිය සියැසින් දු‍ටුවන් පවසති. පළමු කාරණය මේය කිසිසේත්ම සාමකාමී උද්ඝෝෂණයක් නොවීමය . ඔවුන් පැමිණියේම ගැ‍ටුමක් ඇති කර ගැනීම සඳහාය. ඒ පරිදිම ඔවුන් පළමු ගල ගැසුවේය යන්න පවසන්නේ පොලිසියමය.

මීළඟ කාරණය මේ සඳහා 800ක පිරිසක් පැමිණි බව පැවැසීමය. එය ලොක්කා ඇන්දවීම සඳහා අතට ලැබුණු ගානට සරිලන වැඩක් කළ බව කීම වෙනුවෙන් පවසන බොරුවකි. මේ සඳහා 250ක් වත් සහභාගී වී නොසිටිය බව ඡායාරූප හා වීඩියෝ පට පරික්ෂාවෙන් පහසුවෙන් හඳුනා ගත හැකිය. සමහර විට මහින්ද රාජපක්ෂගේ ‍රැස්වීමවලට සහභාගී වූවන් ගනන තුන් හතර ගුණයකින් වැඩි කර පවසන ක්‍රමයට වසන්ත බණ්ඩාරත් මේ ගනන පවසන්නට සිතුවා විය හැකිය. නැතිනම් ප්‍රහාරය හමුවේ දොස්තර මහතාට උතුර දකුණ මාරුවී හෝ දොස්තරට පිස්සු බව අපගේ අදහසය.

එමෙන්ම තමන් හා කිසිදු කතා බහක් නොකර පහරදීම සිදුකළා යැයි කියන අඬවැඩියාව ගැන කියන්නට වන්නේ විමල් වීරවංශලා ආවේ ඇත්ත ප්‍රශ්නයක් ගැන කතා කරන්නට නොවේ. ඔවුන් විසින් සෑදූ බොරු ගිවිසුමක් අල්ලාගෙන එජාපයට හා පොදු අපේක්ෂකයට මඩ ගැසීමටය. ඒ ගැන තවත් සංවාද කරන්නට දෙයක් නැත. ඒ බොරුවක් බව දැන් රටම දනී. ඊට ප්‍රතිචාර දැක්වීමත් තම පක්ෂ මුලස්ථානයට කඩා පැන්න වුන්ට ප්‍රතිචාර දැක්වීමත් එක හා සමානය. එමෙන්ම ඒ තර්කානූකූලය.

 

Last modified on Thursday, 25 December 2014 08:37

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us