හදවත් තුළ සාමය නත්තලේ සැබෑ ප්‍රීතියයි

Published in පුවත්
Thursday, 25 December 2014 07:49

ඡේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේව නිසි ලෙස අනුගමනය කිරීමට නත්තල් සමයේ කිතුණු ඔබ ගන්නා තීරණය අනිවාර්යයෙන්ම ඔබ හදවත් තුළ සාමය හා සමාදානය දල්වමින් නත්තලේ නියම ප්‍රීතිය අත්දැකීමට හේතුවන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නත්තල් දින සුභ පැතුම් පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටියි. එම පණිවුඩය මෙසේය.

නත්තල මෙලොව පාපයෙන් ගලවා ගැනීමට බිහිවූ දේව පුත්‍රයාගේ උපත සමරන මංගල්‍යය බව කිතුණු විශ්වාසය බව අපි කවුරුත් දනිමු. නත්තල සිහිපත් කරන සෑම ක්‍රිස්‌තු භක්‌තිකයකුටම නිසැකයෙන්ම මතක්‌ වන කාරණයක්‌ වන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාව මෙලොවට බිහි කිරීමට දෙවියන්වහන්සේ විසින් තෝරාගනු ලැබුවේ එදා ජුදා සමාජයේ සාමාන්‍ය ජීවිතයක්‌ ගත කළ පිවිතුරු දිළිඳු දැරියක්‌ මිස ඉහළ පංතියේ කාන්තාවක්‌ නොවන බවය. එපමණක්‌ නොව නත්තලට සූදානම් වන කිතුණු භක්‌තිකයන්ගේ මනසට නිසැකයෙන්ම නැගෙන තවත් කාරණාවක්‌ වන්නේ මරියතුමිය ඡේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේව ගවලෙනක බිහිකර ගව ඔරුවක තැන්පත් කළ බවත් ඒ ආකාරයෙන් සිය පුත්‍රයාව මෙලොවට බිහිකිරීමට දෙවියන් වහන්සේ එතරම් බැගෑපත් වූ බවය.

ඒ අනුව නිහතමානීකම ක්‍රිස්‌තියානි ධර්මයේ වැදගත් අංගයක්‌ වන අතර ක්‍රිස්‌තු භක්‌තිකයන් පමණක්‌ නොව සියල්ලන් විසින් නිහතමානිකම වර්ධනය කර ගත යුතු ගුණාංගයක්‌ බව මාගේ අදහසයි.

නත්තල් සමයේදී නිහතමානීකම ගැන පමණක්‌ නොව ක්‍රිස්‌තුන් වහන්සේ මෙලොවට පැමිණීමේ පරමාර්ථය කුමක්‌ද යන්න මෙනෙහි කිරීම වැදගත් වනු ඇතැයි මා සිතමි.

ක්‍රිස්‌තුන් වහන්සේ තම ප්‍රසිද්ධ ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කළේ අසාධාරණයට එරෙහිව නැගී සිටීමට බව ක්‍රිස්‌තුන් වහන්සේaගේ ජීවිත කතාව කියවා ඇති කවුරුත් දන්නා කරුණකි. ඔහුගේ අරගලය වූයේ එවකට පාලන තන්ත්‍රවල සිටි දූෂිත පාලකයන්ට සහ දූෂිත නායක පූජකයන්ට එරෙහි වන අතර ක්‍රිස්‌තුන් වහන්සේ ඔහුගේ (දූෂිත පුද්ගලයකුගේ) බෙල්ලේ විශාල ඇඹරුම් ගලක්‌ එල්ලා මුහුදෙහි ගැඹුරෙහි ගිල්ලීම ඔහුට යහපත යන්න ප්‍රකාශ කළ බව ශුද්ධෝත්තම පාප් වහන්සේ 2013 නොවැම්බර් 08 වන දින ප්‍රකාශ කළ බව සිහිකිරීමට කැමැත්තෙමි. ශුද්ධෝත්තම පාප් වහන්සේ තවදුරටත් ඒ අවස්‌ථාවේදී දූෂිත පුද්ගලයන් සුදු හුණු තවරන ලද සොහොන් ගෙවල් වලට සමාන කළ බවත් ඒවා පිටින් ලස්‌සන වුවත් ඇතුළතින් තිබෙන්නේ දිරාපත්වී යන දුගඳ හමන දේහයන් බවත් ප්‍රකාශ කළහ.

එබැවින් මා හිතාදර සහෝදර සහෝදරියනි, නත්තල් සමයට සූදානම් වන මෙම අවධියේ ඡේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේගේ ජීවිත පරමාර්ථය ගැනද අන්තිමේදී ඔහුගේ ජීවිතය පූජා කළ ප්‍රතිපත්ති ගැන ද සිහිකරන මෙන් ද ඔබගේ එදිනෙදා ජීවිතයේදී ඡේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේව අනුගමනය කරන මෙන්ද ක්‍රිස්‌තියානි ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලමි.

Last modified on Thursday, 25 December 2014 07:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us